25% ලයිට් එක පිච්චෙයි

0

විදුලි ගාස්තු 25%කින් අඩු කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කලද එය සිදු වන්නේ විදුලි ඒකක 300කට වඩා අඩුවෙන් භාවිතා කරන අය සදහා පමණක් බව වාර්තා වේ.

නමුත් මැතිවරණය පවතින දිනවලදී සියළු පාරිභෝගිකයන්ට 25%කින් විදුලි බිල අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කලා.කොයි තරම් හදිස්සියෙන් එය ප්‍රකාශ කලත් එය ක්‍රියාත්මක වන්නේ ඔක්තොම්බර් මාසයේ සිට බවයි විදුලි බල මණ්ඩලයනම් සදහන් කලේ.

ඒ කෙසේ වෙතත් එක් වරම දැන් වාර්තා වන්නේ 25% විදුලි බල සහනය ලැබුනුයේ විදුලි ඒකක 300ට වඩා අඩු පාරිභෝගිකයන්ට බවයි.රාජපක්ෂගේ මේ ප්‍රකාශ නිසා යළිත් තහවුරු වන්නේ “කතාවනම් දෝලාවෙන් ගමන පයින් යන්න”බවයි.

මැතිවරණයට තිබු බිය නිසා එක් වරම විදුලි බිල පහත හෙළණු ලැබුවේ ජනතා අනුකම්පාව දිනා ගැනීම සදහායි.ඉන්පසු එය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව ආණ්ඩුව විවිධ විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින ආකාරයයි අපට නම් පෙනෙන්නට ඇත්තේ.

මේ අතර විදුලි බල හා බලශක්ති ඇමිතිණි පවිත්‍රා වන්නිආරච්චි නම් කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනය කළ පරිදි සෑම ගෘහස්ථ පාරිභෝගිකයෙකුටම තමන්ගේ විදුලි බිලෙන් 25% ක් අඩු කිරීම සිදුවන බවත්, ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතිය තුළ නිකුත් කෙරෙන බවයි.2014 සැප්තැම්බර් මස 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි, ඊළඟ විදුලි බිලෙන් මෙම 25% අඩුකිරීම සිදුකරනු ලබන බවද අමාත්‍යාවරිය වැඩිදුරටත් සදහන් කලා.

කවුරු කෙසේ කීවත් දැන් මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබදව ආණ්ඩුවම ගැටළුවකට මුහුණ පාමින් සිටී.කියන්න පෙර සිතා බැලීම කල යුතුයි යන අදහස අප මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු දෙනාට මතක් කරන්නට කැමැත්තෙමු.