ආර්ථිකය කඩා වැටුණොත් විතරයි ආණ්ඩුව වැටෙන්නේ

0

රාජපක්ෂ ආණ්ඩුව වට්ටවන්න හැකි එකම ක්‍රමය වන්නේ ආර්ථිකය කඩා දැමීමෙන් බව යෝජනා ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.අද (03) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව කිසිම ලෙසක කඩා බිද නොහැකි බවයි.

එහිදී දහස් දැක්වූ අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා..

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ආර්ථික සැලසුම් මේ වන විට ඉතා ඉහල මට්ටමක පවතිනවා. විදේශීය ආයෝජන මේ වන විට ලංකාවට ඉතා වේගයෙන් ගලා එනවා. නමුත් මේ ආයෝජන ලංකාවට ගලා ඒම නැවත්වීමට විරුද්ධ බලවේගයක රට තුල ක්‍රියාත්මක වෙනවා. ඔවුන් දන්නවා මේ රාජ්‍ය පරජය කර වට්ටන්න හැකි එකම මාර්ගය රටේ ආර්ථික කඩා බිද දැමීමෙන් බවයි. එමන්ම ඉදිරියේදී රට තුලට 8% ආර්ථික වේගයක් ගෙන එම රජයේ ඉලක්කය වී ඇති බව මෙහිදී අමාත්‍යවරය වැඩි දුරටත් පැවසීය.