ජයලලිතා වෙනුවෙන් 16ක් දිවි දෙයි

0

තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනි ජයලලිතා සිවු අවුරුදු සිරදඬුවමක්‌ ලබාදිම සම්බන්ධයෙන් කොපයට මෙන්ම දුකටපත් ප්‍රාන්ත වැසියන් 16 දෙනකු ඊයේ (29 දා) වන විට සිය දිවි නසා ගැනීමෙන් හා හෘදයාබාධයන්ට ලක්‌වීමෙන් මිය ගොස්‌ තිබූ බව “The Times of India” පුවත්පත වාර්තා කරයි. මේ අතර දොළොස්‌වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවියක්‌ හා තවත් අයෙකු සිරුරට ගිනි තබා ගැනීමෙන් හට ගත් බරපතළ පිලිස්‌සුම් තුවාල මත රෝහල්ගත කරනු ලැබ ඇති බවද එම වාර්තා සදහන් කරයි.

ඉන්දීය රුපියල් කෝටි 66.65 ක පෞද්ගලික වත්කම් පිළිබඳ හෙළිදරව් නොකිරීමේ වරදට බැංගලෝරයේ විශේෂ අධිකරණයක්‌ මගින් දුන් අතර කර්නාටක ප්‍රාන්තයේ අග්‍රහාරා හි පිහිටි මධ්‍යම බන්ධනාගාරයේ අධිආරක්‍ෂිත ප්‍රභූ සිරකරුවන් සඳහා වෙන් කර ඇති 23 වැනි සිරමැදිරිය හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ලබා දී තිබේ.ඇයට ලබා දී ඇති සිරකරු අංකය වන්නේ 7402 වේ.

මේ අතර ඇමැතිනි ජයලලිතා ජෙයරාම් වසර 4 ක්‌ සිරගත කිරීමේ නඩු තීන්දුවට එරෙහිව කර්නාටක මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අද විභාගයට ගැනීමට නියමිතය.