අභිරහස් මළ සිරුරක් ඉමදූව කාණුවක

0

ඉමදුව බස් නැවතුම් පොල අසල කාණුවට වැටීමෙන් පුද්ගලයෙකු අද (30) ජිවීතක්ෂයට පත්ව තිබේ.මෙසේ මියගොස් ඇත්තේ ජාතික ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩබිමෙහි මුරකරුවෙකු ලෙස සේවයේ යෙදී සිටි හක්මන ප්‍රදේශයේ ප්‍රේමසිරි කරුණාරත්න නැමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.

අදාල පුද්ගලයා සිය වැඩ බිමෙහි සිට ගාල්ල ඉමදුව ප්‍රධාන මාර්ගයේ ඉමදුව බස් නැවතුම අසල ඇති වෙලද සැලක් අසලට පැමිණ ඇත්තේ බීමට ජලය ගෙන යාම සදහාය. එම අවස්ථාවේ දී එම ස්ථානයේ තිබෙන කාණුවට වැටී මෙසේ මියගොස් ඇති බවට සැක කරයි . ඔහු ජලය රැගෙන යාමට ගෙන ආ බදුන් ද එම ස්ථානයේ තිබී සොයා ගන්නා ලදී.

මෙය මිනී මැරීමක් ද ස්භාවික මරණයක් ද යන්න සම්බන්ධයෙන් අහංගම හා ඉමදුව පොලිසි ඒකාබද්දව පරීක්ෂණ පවත්වයි .

(නිමල් අල්ගේවත්ත )

P1010783 P1010784 P1010788