ක්‍රිකට් ලංකාවේ නම බබළයි

0

17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 68කින් පරාජය කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම අද ජය හිමි කරගත්තා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී ලකුණු 133ක් රැස් කල අතර ඇෆ්ගනිස්ථානු කණ්ඩායම පන්දුවාර 17.4දී සියලුදෙනා දැවි ලබා ගත හැකිවුයේ ලකුණු 65ක් පමණී.

මෙහිදී කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න ලකුණු 57ක් හා උපනායක දිනේෂ් චන්දිමාල් ලකුණු 33ක් ලබා ගත් අතර සෙසු පිතිකරුවන් 9 දෙනාටම ලකුණු 11 සීමාවවත් පසුකර යාමට නොහැකි විය.

දකුණු කොරියාවේ, ඉංචියෝන් හි අද (03) පැවැති පන්දුවාර 20-20 අවසන් තරඟයේ රන් පදක්කම හිමිකර ගැනීමට ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

195071