ISIS සටන් කාමීන්ගේ මීළග තුරුම්පුව

0

ලෝකය පුරා සීග්‍ර ලෙස වර්ධනය වන ඉබෝලා වෛරසය ආයුධයක් ලෙස භාවිතා කරමින් ඉරාකයේ සහ සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන් කටයුතු කරනු ඇති බවට ඇමරිකන් විශ්ලේෂකයන් අනතුරු අගවයි.

ඉබෝලා වෛරසය 10 දෙනෙකුට වැළදුණහොත් ඉන් 09ක් ජිවීතක්ෂයට පත්වේ.මේ වන විට ඉබෝලා වෛරසය ආසාදනය වීම නිසා ජිවීතක්ෂයට පත්වු සංඛ්‍යාව 4400කි.

ඇමරිකන් විශ්ලේෂකයන් සදහන් කරන්නේ ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන් ඔවුන්ගේ සමාජිකයන්ට ඉබෝලා ආසාදනය කර බටහිර රටවලට යැවීමට කටයුතු කරනු ඇති බවයි.මරාගෙන මැරෙන එක් බෝම්බ කරුවෙකුට වඩා ඉබෝලා වෛරසයට කල හැකි බලපෑම වැඩි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.