දෙවියන්ට කන්‍යා භාවය පූජා කරලා

0

දේව ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බාල වයස්කාර දැරියන් දුෂණය කිරීම සම්බන්ධයෙන් දේවගැතිවරයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.සැකකාර දේව ගැතිවරයා හලාවත ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන ගිය 31 හැවිරිදී විවාහක පුද්ගලයෙකි.

අතවරයට ලක් එක් දැරියක් ප්‍රථම වරට දේව ගැතිවරයා අතින් දුෂණයවී ඇත්තේ අවුරුදු 15දීය.දෙවියන් වෙනුවෙන් කන්‍යාභාවය පුජා කල යුතු බව පවසමින් අදාළ දේව ගැතිවරයා දැරිය දේවාලය තුළදීම අතවරයට ලක් කර තිබේ.ඉන්පසුව ඇයව කීප විටක්ම අතවරයට ලක් කර තිබේ.

දැන් ඇය අවුරුදු 19ක තරුණියක් වන අතර මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

එසේම දේව ගැතිවරයා අතින් අතවරයට ලක්වු අවුරුදු 15ක තවත් දැරියක් හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.එසේම අදාළ දේවගැතිවරයා මේ ආකාරයට දැරියන් සහ කාන්තාවන් කීප දෙනෙකුම අතවරයට ලක් කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

පොලිසිය දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහු කිසියම් රෝගයකින් පෙළුණු බවත් මේ සම්බන්ධයෙන් දැන ගත් පසු ඔහු කිසියම් විෂ වර්ගයක් පානයක් කර ඇත්දැයි සැකයක් පවතී.