2015 ලෝක කුසලානය ඩොලර් වලට විකිණෙයි ?

0

අතර මග නතරවූ ඉන්දු බටහිර කොදෙව් තරග වෙනුවට ඉන්දියාවේ සංචාරයක් සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම යොමු කිරීමට පසුගිය සිකුරාදා ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබේ.

මේ ක්‍රිකට් සංචාරය පිළිබද හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක ටුවිටර් පණිවිඩයක් හරහා සදහන් කර ඇත්තේ මාස 06කට පෙර ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් එක් වරම නතරවූ බවයි.මෙය යම් කෙනෙක් සැලසුමක් ඇතිව සිදු කල දෙයක්ද ?යන්න ඔහු ප්‍රශ්න කරනවා.මේ හදිස්සි ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් නම් ඔහු ප්‍රසාදයක් පල කරන්නේ නොමැත.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තුද හදිස්සි ඉන්දීය සංචාරය ලෝක කුසලාන තරගාවලියට අදාළ මූලික සැලසුම් වල නොතිබූ බව පිළිගනී.

2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගයක් බලාපොරොත්තුව ඇතිව ඇතැම් ක්‍රිකට් බලධාරින් ශ්‍රි ලංකා ක්‍රිකට් පිළ ඉන්දීය සංචාරයකට යොමු කරනු ලබන්නේ ඉන්දීයාව ඉදිරියේ අප ක්‍රීඩකයන් දණ ගැස්සවීම හරහායි.ඩොලර් වලට යට වෙමින් ක්‍රිකට් ක්‍රීඩාව පාගමින් කටයුතු කරන මේ නිළධාරින් කටයුතු කරනු ලබන්නේ ආර්ථික වාසි තකා බව අමුතුවෙන් කිව යුතු නෑත.

ලෝක කුසලානයට පෙර ඉන්දීය සංචාරයක් පිළිබද සැලසුමක් නොතිබූ බවට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු ප්‍රකාශ කරමින් සිටියදීත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණු වීම් අතර මග නවතා අහසින් පාත්වුණා සේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිල ඉන්දියාවට යැවීම සදහා ක්‍රිඩා බළදාරීන් කටයුතු කරන්නේ රටේ ක්‍රිකට් ක්‍රිඩාව මුදල් වලට බිලි බා ගැනීමට ඉඩ කඩ ලබා දෙමිනි.මුදල් වලට ක්‍රිකට් පවා දෙමින් වක්‍රාකාරව ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාවට විකිණීමට බළධාරින් කටයුතු කරනවාද යන්න අපට සැකයක් පවතී.ඒ අන් කිසිවක් නිසා නොව මීට පෙර අවස්ථා කිහිපයකදීම මුදල් නිසා ඔවුන් ක්‍රිකට් ලෝකයා ඉදිරියේ විකුණා ඇති නිසාවෙනි.

ලෝක කුසලාන තරගාවලියක් අත ළග තියාගෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණු වීම් අතර මග නවතා සිදු කරන මේ සංචාරය පිළිබදව නම් ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන් දැඩි අප්‍රසාදයක් පල කරයි.