Home / කලා / අපි පොරොන්දු ඉටුකල කණ්ඩායමක්
CHATHURANGA_lankanewsalert_25_10_2014-Recovered

අපි පොරොන්දු ඉටුකල කණ්ඩායමක්


සුන්දර අසුන්දර මතකයන් අපේ මුළු ජිවීත කාලය පුරාවටම පවතිනවා.අසුන්දර මතකයන් සිහියට එන විට අපේ නෙතු අගින් කඩා හැලෙන කදුළු බිංදු විටෙක මුළු හිතම හිරි වට්ටනවා.ඒත් සුන්දර මතකයන් තුළට අපේ හිත දුවගෙන යන්න නම් දෙපාරක් හිතන්නේ නෑ.ඒ මතකයන් දිනක අපේ මුළු ජිවීතයටම ආශිර්වාදයක් එක් කරනවා.එසේ සුන්දර මතකයන් ලැගුම්ගත් තැනක පුංචි පිළිසදරක යෙදෙන්න අපි අමතක කලේ නෑ.

ඒ නිසාම ලෝකය පුරා ශ්‍රාවකයන්ගේ හද ස්පර්ශ කල ජාත්‍යන්තර ගුවන් විදුලි නාලිකාවක් පිළිබද කතා කරන්න අපි හිතුවා.එය දෙස් විදෙස් ශ්‍රාවකයන්ගේ හද තුළ ගැඹුරු මතකයන් ඉතිරි කල ගුවන් විදුලි නාලිකාවක්.දුර ඈත රටවල තනි වුණ අපේම ශ්‍රි ලාංකිකයන්ගේ හද තුළ ලැගුම් ගත් නව්‍යකරණයේ අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවක්.ඒ ඔබ කවුරුත් දන්න අපේ අන්තර්ජාලයේ ලැබැදි නෑයා ලක් රේඩියෝ.( www.lakradio.lk)

“බාධා හමුවේ නොසැලි සිටිමු “එය ලක් රේඩියෝවේ තේමාව යැයි මා ප්‍රකාශ කලොත් එය නිවැරදියි.ජිවීතයට එකතුවුණ මිනිස්සු බොහෝමයක් ඉන්නවා.යම් ආයතනයක් වටාත් බොහෝ පිරිස් එකතු වෙණවා.නමුත් ලක් රේඩියෝ ආයතනය කියලා කියන්නේ මුදල් ,අතින් ඔබ්බට ගිය සහෝදරත්වයේ නිජ බිමක්.විවේචන ,ගැරහුම් තාඩන පීඩන හමුවේ අභිමානයෙන් පියවර පියවර ඉදිරියට තැබු මතක තෝතැන්නක්.

මේ රේඩියෝව පිළිබද කතා කලොත් ආසියාතික රටක් පළමු වරට දිනා ගත් Radio Standard of Excellence යන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී තිබේ.අඛණ්ඩව විසිහතර පැයේම සජීවි අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවක අත්දැකීම මුළු ලෝකයටම ලබා දෙමින් සිදු කළ විශිෂ්ඨ සේවය ඇඟයීම වෙනුවෙන් අමෙරිකානු Web Marketing Association’s WebAward 2013 ආයතනය විසින් තමයි මෙම සම්මානය ලබා දිලා තියෙන්නේ.

ඉතිං ‘දුමී එන්ටර්නැෂනල් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ආයතනය විසින් 2012 ඔක්තෝම්බර් මස 25 වන දින කොළඹ ජයික් හිල්ටන් හොටලයේ සිට ගුවනට මුසුකල මේ රේඩියෝව එතරම් කෙටි කාලයක් තුළදී ලබා ගත් ඒ ජයග්‍රහණය මුළු ශ්‍රි ලංකාවට අභිමානයක්.ඔක්තෝම්බර් 25ට වසර දෙකක් සපිරෙන ලක් රේඩියෝව සියළු දෙනාගේ සුන්දර මතකයන් තුළ තවමත් ගැබ්වී පවතින්නේ ඒ නිසාමයි.

ලක් රේඩියෝව ගැන කතා කරනකොට කතා කල යුතුම කෙනෙක් ඉන්නවා.” අපේ ජිවීතය හයිවේ එකක් No Stopping,No Turning(නෝ ස්ටෝපින් ,නෝ ටර්නින්) ,ජිවීතය වෙනස් වෙන්නේ මිලී සෙකන්ඩ් වලින් ” ඔහු කාටත් ජිවීතේ උගන්නනේ මේ පාඩම.තව දුරටත් කිව්වොත් මිනිස්සු අපිට ගල් ගහයි විවේචන එල්ල කරයි .ඒත් නිහඩ බව ඔබේ බුද්ධිමත් බව තීරණය කරයි .ඔහු හැමෝටම උගන්නන ශ්‍රේෂ්ඨතම පාඩම මෙයයි .ඒ වෙන කවුරුත් නෙමෙයි ‘ලක් රේඩියෝ’හි ප්‍රධාන විධායක නිළධාරි ඒ.ඩි. චතුරංග ද අල්විස්

ලක් රේඩියෝවට වසර 02ක් සපිරෙන මේ මොහොතේ ඔබට කියන්න තියෙන්නේ මොනවද?

ඇත්තට අපි ලබපු හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම ලක් අපේ කාර්‍ය මණ්ඩලය ඉන්නවා.මේ හැමෝම මම සිහිපත් කරනවා.එක වෙලාවකට අපි බැන ගත්තා, තව වෙලාවක අපි ගහ ගත්තා හැබැයි අපි කවදාවත් අපේ අරමුණ අමතක කළේ නෑ.ඒක තමා අනිත් හැමොටම වඩා අපි වෙනස් කණ්ඩායමක් උනේ. ගෙවුනු අවුරුදු 2ක තුල අපි හැමෝටම විවිධ අත්දැකිම් ලබා ගන්න පුලුවන් උනා නමුත් සියල්ලටම වඩා අප අතර තිබුණු විශ්වාසය බලවත් බව අපි ඔප්පුකරලා තියෙනවා.

සියල්ලටම වඩා අඛණ්ඩව අපිත් එක්ක ළගින් හිටපු අපේ ශ්‍රාවක පිරිසටත් මම මගේ හද පිරි ස්තුතිය පුද කරනවා.මේ සියළු දේ ලබා ගන්න ඔවුන් අපිට ගොඩාක් උදව් කලා.අවුරුදු 02ක් පුරාවට මේ ආකාරයට අන්තර්ජාල රේඩියෝවක් ඉදිරියට කර ගෙන එනවා කියන්නේ ලෙහෙසි පහසු කාරණයක් නොවේ.ඒත් ඒ හැම දෙයක්ම මම ශක්තියක් කර ගත්තේ ශ්‍රාවකයන්ට අන්තර් ජාලය තුළ වැඩි වටිනාකමක් ලබා දෙන්න.

ඉදිරියේදී මොනවද කරන්න හිතා ගෙන ඉන්නේ රේඩියෝ කලාව තුළ?

අපි දැනටමත් බොහෝ දේවල් කරලා තියෙන්නේ.ඒක අපි මේ වෙනකොට ඔප්පු කරලා ඉවරයි.ඒත් තවත් රැඩිකල් වෙනසක් සමගම අපි ඔබ හමුවට එනවා.හැමදාමත් අළුත් දේවල් එකතු කර ගෙන අපි ඉදිරියටම යනවා. තවත් අභියෝගාත්මක අත්දැකීම් රැසක් ලගදිම ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.

කිසිදු අන්තර්ජාල රේඩියෝවක් සිදු නොකල ආකාරයට ශීත කාමරයෙන් එළියට රැගෙන ගොස් කාලය ශ්‍රමය සියල්ල වැය කරමින් හොද දෙය හොද ආකාරයට ලබා දෙමින් කෙටි කාලයක් තුළ ජනතා ප්‍රසාදයට ලක්වූ ලක් රේඩියෝවට අපද සුභ පැතුම් එක් කරන්නේ හද පිරි සතුටිනි.

දුක ,සතුට , මේ සියල්ල හමුවේ සියළු අභියෝගයන් ජය ගෙන ඉදිරියට යන්නට එදා ඒ.ඩි. චතුරංග ද අල්විස් මහතා 2012 ජයික් හිලටන් හෝටලයේදී අත්සන් තැබුවා.එය කොළයකට පමනක් සීමා නොකරමින් දැඩි ඕනෑ කමකින් මෙතෙක් කාලයක් පුරාවට ලක් රේඩියෝව ජනතාව අතරට ගෙන යෑමට ඔහු දැරු උත්සහය නිසැකයෙන්ම සියළු දෙනාගේ ප්‍රශංසාවට ලක් විය යුතුයි.

ඔක්තොම්බර් 25 වනදාට අවුරුදු 02ක් සපිරෙන ලක් රේඩියෝවට තවත් විපලවයන් සිදු කිරීමට හැකි වේවායි අපද ප්‍රාර්තනා කරන්නෙමු !

 

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

WIKTORIYA_lankanewsalert_20_10_2014

“ආදරණීය වික්ටෝරියා”

අන්දිරිස් අවසානයේ සියලු භෞතික සැප සම්පත් වලින් ආඪ්‍ය වන ව්‍යාපාරිකයෙකු වුවද ඔහු වටා අතෘප්තිය වෙළෙනු ලබන්නේ නිරායාසයෙන්මය. වරෙක එංගල්තිනා සමඟ රමණයේ යෙදෙන අන්දිරිස් පසුව ලීනා සමඟ රමණයේ යෙදෙයි. ඉනුත් නොනැවතෙන ඔහු ඇල්ෆ්‍රඩ් සහ වික්ටෝරියාගේ ආයම්මලා සමඟ ද නිදි වදී. මෙය ලිංගිකත්වය පිළිබඳව පමණක් නොව සෑම දෙයක් පිළිබඳවම මිනිසා තුළ පවතින්නා වූ අතෘප්තියයි.