යටින් බැරි නම් උඩින් හරි යමු

0

ලෝකයේ ප්‍රථම වරට පියාබන මෝටර් රථයක් එළි දැක්වීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.එය “හයිබ්‍රිඩ් ෆලයින් “වර්ගයේ මෝටර් රථයකි.

මෙම කාර් රථයට උඩු ගුවනේදී පැයට කිලෝ මීටර් 200ක වේගයෙන් ගමන් කල හැකිය.ගොඩබිමේදී පැයට කිලෝමිටර් 100ක වේගයෙන් ගමන් කල හැකි මෙම මෝටර් රථයේ බර කිලෝ ග්‍රෑම් 400කි.

මෙය තවත් අවුරුදු 02කින් වෙළද පොලට ලබා දීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.මෙය පැදවීම සදහා සාමාන්‍ය මෝටර් රථ බලපත්‍රයක් ප්‍රමාණවත් නොවන අතර පියාසර කිරීමේ බලපත්‍රයක්ද අනිවාර්‍ය වේ.

මෙය ගුවන් ගත කිරීම සදහා මීටර් 250 දුරක් ගමන් කල යුතු අතර එය ගොඩ බිමට ගැනීම සදහා මීටර් 50ක දුරක් අවශ්‍ය වේ.