සිංහ පැටවුන් පරදා ඉන්දියාව ඉදිරියටම!

0

ඊයේ (06) ඉන්දියාවේ අහ්මදාබාද්හි පැවති එක්දින ක්‍රිකට් තරගයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා.එහිදී ශ්‍රි ලංකාවට ලබා ගත හැකි වූයේ කඩුලු 8ට ලකුණු 274ක් පමණි.

කුමාර් සංගක්කාර ලකුණු 61 හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 92ක් ලබා ගත්තා.එහිදී එක්දින තරඟවලදී ලොව වැඩිම අර්ධ ශතක ලබාගත් පිතිකරුවන් කිහිප දෙනා අතරින් දෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට හැකියාව ලැබුණා.

සංගක්කාර ඊයේ තරඟයේදී ලකුණු 61ක් ලබා ගනිමින් ඔහුගේ 87 වැනි අර්ධ ශතකය වාර්තා කලා.

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායම පරදා පන්දුවාර 44.3කදී කඩුලු 4ක් පමණක් දැවී ඉන්දියාව ලකුණු 275ක් ලබා ගත්තා. අම්බටි රයිදු නොදැවී ලකුණු 121ක් ද සිකර් දවන් ලකුණු 79ක්ද ලබා ගනිමින් තරගය ශක්තිමත් කිරීමට ඔවුන් සමත් වුණා.