පොදු අපේක්ෂකයාට පොර කෑම!

0

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පවසයි.ඔහු මේ බව සදහන් කලේ ඊයේ (13)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේම තමා විපක්ෂයට එක් වී පොදු අපේක්ෂකයා වශයෙන් තරග කරන බවට පැතිර යන ප්‍රකාශයන් වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකු විපක්ෂයට එක් වන බවට පැතිර යන කතා බහා වල සත්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එසේම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන පොදු අපේක්ෂකා රනිල් වික්‍රමසිංහ බවද එම පක්ෂයේ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක අප සමග සංවාදයකට එක් වෙමින් සදහන් කලා.ඔහුද සදහන් කලේ ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුව විපක්ෂයට එක් වීමට සාකච්ඡා පවත්වා ඇති බවයි.

(පුවත්පත් කාටූනයකි)