වත්තල හේමාස් රෝහල විකලාංග ශල්‍ය පහසුකම් ඉහළ නංවයි

0

ජාත්‍යන්තර ප‍්‍රමිති සහතිකලත් ශී‍්‍ර ලංකාවේ පළමු රෝහල් ජාලයේ ආරම්භක රෝහල වන වත්තල හේමාස් රෝහල මෙරට විකලාංග ශල්‍යකර්ම ස`දහා පවතින සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කරමින් Stryker 1288 HD laparoscopic පද්ධතියක් ස්ථාපිත කරන ලදී. මෙම නව ලැපරස්කොපි පහසුකම ස්ථාපිත කිරීමත් සම`ග ‘‘විශේෂඥ රැකවරණය ඔබ සමීපයට’’ යන පොරොන්දුව ඉටුකරමින් රෝගීන්ට ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සැලසීමට හේමාස් රෝහල සූදානමින් සිටියි.

‘‘විකලාංග ශල්‍යකර්ම’’ හෙවත් ‘‘විකලාංග චිකිත්සාව’’ පේෂි හා අස්ථි පද්ධතියේ විකලාංග යථා තත්ත්වයට පත් කිරීම ස`දහා භාවිතා වන අතර එහි අතුරු අංශයක් වන ආත්‍රොස්කොපි හෙවත් සන්ධිබීජානු ක‍්‍රමය සියුම් කැමරාවක් යොදා ගනිමින් රෝගී තත්ත්වයන් හදුනාගැනීම සහ ඊට ප‍්‍රතිකාර කිරීම ස`දහා යොදා ගැනේ. සියුම් කැපුම් යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම වෛද්‍ය ක‍්‍රමවේදය දණහිස් හා උරහිස් ආබාධ ස`දහා වැඩි වශයෙන් යොදා ගන්නා අතර ඒ ඔස්සේ ශල්‍යකර්ම වලට ලක්වන රෝගීන්ට ඉතා කෙටි කාලයක් තුළදී යළි යථා තත්ත්වයට පත්වීමේ හැකියාව පවතී.

වත්තල හේමාස් රෝහලේ සාමාන්‍යාධිකාරිනී හා සෞඛ්‍ය සේවා ප‍්‍රධානී වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය මෙම නවීන පහසුකම පිළිබ`ද අදහස් දක්වමින් ස`දහන් කළේ ‘‘වඩාත් පැහැදිලි නිරීක්ෂණ පහසුකම් සහිත මෙම ලැපරස්කොපි පද්ධතිය ම`ගින් අප රෝහලේ සිදුකරන සන්ධිබීජානු ශල්‍යකර්ම වඩාත් සාර්ථක ලෙස කරගැනීමට හැකියාව ලැබෙනවා. සියුම් කැපුම් යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම ශල්‍යකර්මය විශාල කැපුම් යොදා සිරුර විවෘත කරමින් සිදුකරන ශල්‍යකර්මයට වඩා ඵලදායි මෙන්ම පටක වලට සිදුවන හානිය අවම කරමින් සිදුකරනු ලබන්නකි. ශල්‍යකර්මයකදී රෝගියාට ඇති වන වේදනාව අවම කරගැනීමට ද මෙම`ගින් හැකියාව ලැබෙනවා. මෙම ක‍්‍රමවේදය හරහා ශල්‍යකර්ම වලට ලක්වූවන්ට ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වීමේ අවස්ථාව පැවතීමත් තවත් සුවිශේෂි කරුණක්.’’ යනුවෙනි.

වත්තල හේමාස් රෝහල විකලාංග ශල්‍යකර්ම ස`දහා විශේෂි වූ ශල්‍යවෛද්‍යවරුවන් කණ්ඩායමක් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත අතර අංග සම්පූර්ණ භෞතචිකිත්සක ඒකකයක් ද ඊට අයත් වේ. මීට අමතරව නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ ඒකකය ම`ගින් රෝගී තත්ත්වයන් හදුනාගනිමින් ඒවා මූලික වශයෙන් නීරික්ෂණයටත් නිසි ප‍්‍රතිකාර ස`දහා යොමු කිරීමටත් හැකියාව ලැබී තිබේ. මෙම සන්ධි ආශි‍්‍රත රෝග අවස්ථා හදුනාගැනීම ස`දහා වත්තල රෝහල ම`ගින් නොමිලයේ සායනයක් පවත්වනු ලබන අතර සතියේ දිනවල පෙරවරු 9.00සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ සායනය ස`දහා සහභාගි අවස්ථාව මහජනතාව වෙත උදාවේ.
සිය රෝගීන්ට වඩාත් ආරක්ෂාකාරී කාර්යක්ෂම සේවාවක් සලසාදීමේ අරමුණ පෙරදැරිව හේමාස් රෝහල මෙරට ප‍්‍රමුඛ පෙළ විකලාංග උපකරණ සැපයුම්කරුවකු වන Zodiac Medicals සම`ග සාමූහික එක`ගතාවයකට අනුව කටයුතු කරනු ලබයි. හේමාස් රෝහල් ජාලය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළ සමූහ ව්‍යාපාරයක් වන හේමාස් සමූහ ව්‍යාපාරයට අයත් වන්නකි. හේමාස් සමූහ ව්‍යාපාරය මෙරට ජනතාවට පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සේවා, ප‍්‍රවාහනය හා විවේකය යන ක්ෂේත‍්‍ර 04 යටතේ සේවාවන් සපයනු ලබයි.