රෙදි නැතුවම කඩේ යෑම!

0

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ සහ මංගල සමරවීර, තිස්ස අත්තනායක යන මහත්වරුන්ගේ ප්‍රකාශ වලට අනුව මෙවර විපක්ෂයේ පොදු අපේක්ෂකයාවී ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව අර්ධ විධායක ජනාධිපතිවරයෙකු සහ අර්ධ විධායක අගමැතිවරයෙකු නිර්මාණය කරගනිමින් ඔළු දෙකේ විධායකයක් මෙරට තුළ ස්ථාපනය කිරීම බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යරයාව සිටි සමයේදී ඖෂධ පනත පවා රැකගැනීමට නොහැකි වූ මෛත්‍රිපාල සිරිසේනට ජාත්‍යන්තර බලපෑම් හමුවේ රටත්, රටේ ජනතාවත් ආරක්ෂා කරගැනීමට ශක්තියක් තිබේද? යන්න ගැටළු සහගත වන බවද අමාත්‍යරයා මෙහිදී සදහන් කලා.

අද (29) ජනසෙවණ ප්‍රජාශාලා ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ජාතික මහෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා.

මේ දිනවල දේශපාලන වේදිකාව තුළ වැඩිපුරම කතා බහ කරනු ලබන්නේ විධායක බලතල සම්බන්ධවයි.එය ජනාධිපතිවරයාට කිසිදු ගැටළුවකින් තොරව අහෝසි කල හැකි නමුත් බේගල් ඇද බාමින් රාජපක්ෂලා එය අහෝසි නොකරන්නේ කිසිදු කාරණාවක් නිසා නොව බලයට ඇති තණ්හාව නිසායි.දින 100න් විධායකය අහෝසි කරන බවට මෛත්‍රිපාලද ප්‍රකාශ නිකුත් කරමින් සිටී.නමුත් ඒ තරම් කෙටි කාලයකින් විධායක බලතල අහෝසි කිරීමට යම් කෙනෙකුට හැකි වන්නේ නම් ඔහු තරම් උගතෙකුද තවත් නොමැත.

එකනනෙකා එකිනෙකාට බෝලය පාස් කිරීම පසෙකලා දැන්වත් වචනය ඒ අයුරින් ක්‍රියාවට නැංවීමට ජනතා නියෝජිතයින් වග බලා ගත යුතුයි. මහින්ද රාජපක්ෂ පවා විටෙක විධායකය අහෝසි කරන බවට ප්‍රකාශ නිකුත් කර තිබේ.ඒ ප්‍රකාශ අද හරියට ඇමති විමල්ලා අමතක කර ඇත්තේ ඔවුන් ආණ්ඩුවේ කොන්ත්‍රාත් භාර ගත් අය බව ජනතාවට ඔප්පු කිරීමටයි.ඇමතිවරයෙකු වුවත් ආණ්ඩුවට කඩේ යෑමේ සීමාවක් පවතී.නමුත් හරි වැරැද්ද තේරුම් නොගෙන ආණ්ඩුවේ සියල්ල ප්‍රශංසා කිරීමට යම් කෙනෙක් කටයුතු කරයි නම් ඔහු රෙදි ඇද සිටින අයෙක්ද යන්න පිළිබදව සොයා බැලිය යුතු වේ.