නවෝත්පාදන හා ව්‍යවසායකත්වය දල්වන්න මොරටුව විශ්ව විද්‍යාලය සමග IFS අත්වැලක්

0

ලොව ප‍්‍රධාන මෘදුකාංග අභිවර්ධන සමාගමක් වන IFS සමාගම මොරටුව විශ්ව විද්‍යාලය සමග හවුල්කාරිත්වයෙන් නවසොයාගැනීම් හා ව්‍යවසායිකත්වය සඳහා වන තනතුරක් මොරටුව විශ්ව විද්‍යාලයට පවරා දෙන බව අද දින කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී නිවේදනය කළේය. මොරටුව විශ්ව විද්‍යාලය හා IFS සමාගම අතර වන මෙම ගිවිසුම ඉහළ නිලධාරීන් හා මාධ්‍ය නියෝජිතයන් ඉදිරියේදී අත්සන් තබන ලදී.

මෙම හවුල්කාරීත්වය දිවයිනේ කර්මාන්තමය හා විශ්ව විද්‍යාලයීය සහයෝගීතාවේ මංසළකුණක් සළකුණු කරනු ඇති මෙන්ම විශ්ව විද්‍යාලයේ සියළු පීඨයන්හි පර්යේෂණ හැකියාවන් ශක්තිමත් කරනු ඇත. එමෙන්ම ගුරුවරුන් හා සිසුන් යන දෙකොටසම අතර නිර්මාණාත්මක චින්තනය, නවසොයා ගැනුම් හා ව්‍යවසා්‍යයිකත්වය පෝෂණය කරනු ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ සමාගම මොරටුව විශ්ව විද්‍යාලයේ නවසොයාගැනුම් හා ව්‍යවසායිකත්වය සඳහා වන මහාචාර්ය පදවියක් ස්ථාපනය කිරීමට වසර 3ක කාලයකට රුපියල් මිලියන 18ක පරිත්‍යාගයක් ලබා දෙනු ඇත.

රටේ නවසොයාගැනීම් සම්බන්ධ ව්‍යවසායිකත්ව සංස්කෘතිය සැළකිය යුතු පරිදි ඉහළ දැමීමට කර්මාන්තයීය හා විශ්ව විද්‍යාලයීය පාර්ශ්වයන් අතර ශක්තිමත් සහයෝගීතාවක් අත්‍යාවශ්‍ය බව IFS සමාගම හඳුනා ගෙන තිබේ. නිර්මාණාත්මක චින්තනය හා නවසොයාගැනීම් සම්බන්ධ මානසිකත්වය ශ‍්‍රී ලංකාව වැනි නැගී එන ආර්ථිකයන්හි ආර්ථික වර්ධනයක් මෙන්ම තාක්ෂණික ඉදිරි ගමන වේගවත් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ. අවසන් වශයෙන් මෙය සාක්ෂාත් කිරීම කරා මූලික පේ‍්‍රරක බලවේගය නම් මානව ප‍්‍රාග්ධනය ගොඩ නැගීම හා පෝෂණය කිරීම මගින් ඒ සබල කරන වාතාවරණයක් නිර්මාණය කිරීමය.

එසේම රටේ ආර්ථික වර්ධනය කෙරේ අගය එකතු කිරීමේ හා සම්පත් නිර්මාණයේ දැක්ම තුළ මොරටුව විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාලය තුළ නවසොයාගැනීම් හා ව්‍යවසා්‍යයිකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමේ වන බලපෑම පිළිබඳව සැළකිලිමත්ය. විශ්ව විද්‍යාලයේ දැක්ම වන්නේ ආසියාවේ දැනුම් කර්මාන්තය තුළ ගෝලීය වශයෙන් වඩාත්ම පිළිගැනීමට ලක් වීම වන අතර එමගින් මොරටුව විශ්ව විද්‍යාලය ලෝක මට්ටමේ විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමයි.

‘අප දැනුම පදනම් කරගත් සමාගමක් වන අතර බුද්ධිමය යටිතල පහසුකම් අභිවර්ධනය කිරීමේ වැදගත්කමත්, එය පැන නැගීමට අවශ්‍ය නිදහස ලබාදීමේත් වැදගත්කම හඳුනා ගනිමු. රටේ ප‍්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන මොරටුව විශ්ව විද්‍යාලය සමග හවුල්කාරීත්වයක් කරා ඒම පිළිබඳව හා ශ‍්‍රී ලංකාවේ මීළඟ පරපුරේ නිර්මාණාත්මක චින්තකයන්, කාර්්‍ය උපක‍්‍රම විපර්යාසකයන්, ව්‍යවසායික මනස් මෙන්ම අනාගතය සඳහා වන ශ‍්‍රම හමුදාව ස්ථාපිත කිරීමේ කාර්්‍යයේ කොටස්කරුවකු වීම පිළිබඳවද අප සතුටු වෙමු. ශ‍්‍රී ලංකාවේ IFS ගෝලීය මෙහෙයුම් පිළිබඳ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී/ උප සභාපති රනිල් රාජපක්ෂ මහතා මොරටුව විශ්ව විද්‍යාලය සමග එහි දිගුකල් පවත්නා සම්බන්ධතාව ශක්තිමත් කිරීම කෙරේ සමාගමේ කැපවීම යළි තහවුරු කරමින් පැවසීය.

මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා කර්මාන්තයීය හා විශ්ව විද්‍යාලයීය සහයෝගීතාවේ මෙම මංසළකුණෙහි ඇති වැදගත්කම අවධාරණය කළේය. ‘මොරටුව විශ්ව විද්‍යාලය පුහුණුව හා පර්යේෂණ සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ස්ථානයක තිබෙනවා. එයට හේතුව වන්නේ පර්යේෂණ සහ නවසොයාගැනීම්, දැනුම නිර්මාණය, තාක්ෂණ පැවරුම් සහ නවනිර්මාණ සම්බන්ධ පෝෂණ කටයුතුවල ධනාත්මක විපුල බලපෑම හා ඒ ශාස්ත‍්‍රාලයේ පරාමිතීන්ගෙන් ඔබ්බට ගොස් තිබීමයි. විශ්ව විද්‍යාලයට මහාචාර්ය පදවියක් පැවරීමේ සංකල්පය විශ්ව විද්‍යාලයේ මෙම ප‍්‍රයත්නයන් තීව‍්‍ර කිරීමට හා සමපූරණය කිරීමට යෝජිතයි.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තාක්ෂණික ස්ථානයක තිබෙන අප විශ්ව විද්‍යාලයේ එම තත්වය බලවත් කිරීමට එය හේතු වන අතරම නවසොයාගැනීම් පිළිබඳ සංස්කෘතියක් එමගින් පෝෂණය කරනවා.’ මහාචාර්ය ආනන්ද ජයවර්ධන පැවසීය.

IFS සමූහායතනයේ සභාපති මෙන්ම ප‍්‍රධාන විධායක නිලධාරී අලාස්ටයාර් සෝර්බි මහතා ව්‍යවසායික හා නවසොයාගැනීම් සංස්කෘතියක් කර්මාන්තයට මෙන්ම ජාතියටද ප‍්‍රතිලාභ අත්කර දෙන්නක් බවද, ඒ සඳහා මනා දායකත්වයෙන් හෙබි වාතාවරණයක් වර්ධනය කිරීම සඳහා කර්මාන්තය හා විශ්ව විද්‍යාලය සමීපව කටයුතු කිරීම අවශ්‍ය වන බවද සඳහන් කළේය. ‘තාක්ෂණය ස්ථිතික නැහැ වගේම නවසොයාගැනීම් හුදෙකලාව සිදු විය නොහැකියි. හැමවිටම එහි එයට සම්බන්ධ වීමේ, අවබෝධය වැඩිදියුණු කර ගැන්මේ මෙන්ම කර්මාන්තය හා ශාස්ත‍්‍රාලය අතර නිරන්තරව දැනුම හුවමාරු කර ගැනීම දියුණු කර ගැන්මේ ගතික චක‍්‍රයක් තිබෙනවා. මෙය ව්‍යාපාරික ලෝකයේ හා විශ්ව විද්‍යාලයේ යන දෙකෙහිම අනාගත දියුණුව කෙරේ, නිර්මාණාත්මකතාව හා ව්‍යවසායික- විශ්ව විද්‍යාලයීය හවුල්කාරිත්වය පෝෂණය කිරීම අරභයා අතිශයින් වැදගත් වනවා.’ සෝර්බි අවධාරණය කළේය.

“වසර ගණනාවක් තිස්සේ IFS සමාගම තෘතීය අධ්‍යාපන ආයතන හා සහයෝගයෙන් යුතුව අපගේ විශේෂඥයන් හුවමාරු කරගනිමින්, අනේ‍යාන්‍ය ගවේෂණයන් හා පුහුණුව ඔස්සේ ප‍්‍රසාද හවුල්කාරිත්වයන් ගොඩ නගමින්, කර්මාන්තයීය අවස්ථාවන් සම්පාදනය කරමින් පවත්වාගෙන ආ සම්ප‍්‍රදායකට හිමිකම් කියනවා. මෙම වැඩසටහන සිසුන්ගේ විපුල හැකියාවන්වලට පිටිවහලක් වනු ඇති මෙන්ම නවසොයාගැනීම් සම්බන්ධ පර්යේෂණ ප‍්‍රයත්නයන් සඳහා මගක් සකසනු ඇති බවට අප දැඩිව විශ්වාස කරනවා.’ ශ‍්‍රී ලංකාවේ IFS අලෙවි හා උපදේශන සම්බන්ධ සමාගමේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ජයන්ත ද සිල්වා පැවසීය.

මෙම හවුල්කාරිත්වය කර්මාන්තය හා විශ්ව විද්‍යාලය අතර පවතින පරතරය සමහන් කිරීමට පාලමක් තනමින් අනාගත ශ‍්‍රම බලකාය තුළ නිර්මාණාත්මක හා නව්‍යකරණ චින්තනය වැඩි දියුණු කරමින්, නවසොයාගැනීම් හා වානිජකරණය පෝෂණය කිරීම කරා පේ‍්‍රරකයක් ලෙස සමාරම්භක කාර්්‍යයක් ඉටු කරනු ඇත. එය එසේම ජාතියේ විශ්ව විද්‍යාලයීය තරඟකාරිත්වය ලෝක තලය තුළ වැඩි කිරීමේ අභිලාෂයෙන්ද යුතුය.

1. Members of the Panel 3. Prof. Ananda Jayawardane and Alastaire Sorbie signing the agreement