NOLIMIT රිදී සම්මානයෙන් පිදුම් ලබයි

0

ශී‍්‍ර ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය මගින් සංවිධානය කරනු ලබන SLITAD මානව සම්පත් සංවර්ධන සම්මාන උළෙල 2014 දී නෝලිමිට් (NOLIMIT)පළමු කාණ්ඩය යටතේ රිදී සම්මානයෙන් පිදුම් ලබයි. මානව සම්පත් සංවර්ධනය ස`දහා ආයතන විසින් දරනු ලබන උත්සාහයන් ඇගයීමට ලක් කිරීමේ අරමුණ පෙරදැරිව මෙම සම්මාන උළෙල පැවැත්වින.

මෙම සම්මානය පිළිබද අදහස් දක්වමින් නෝලිමිට් හි මානව සම්පත් කළමණාකරු රිස්වාන් ජවාරි

‘‘ආයතනයක සාර්ථකත්වය ර`දා පවතිනුයේ එහි සේවය කරන පුද්ගලයින් මතයි. එය වටහා ගත් අප, සැමවිටම අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආකල්ප වර්ධනයට හා තෘප්තිමත් භාවය ඇති කරමින් පාරිභෝගිකයින්ට වඩාත් යහපත් සේවාවක් සැලසීමට හැකි පිරිසක් ගොඩනැගිමට කි‍්‍රයාකරමින් සිටිනවා. අප ආයතනය සමග මුල් අවදියේ එක්වූ බොහෝ පිරිසක් ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් ලෙස අත්වැල්බැ`ද සිටීම තවත් සුවිශේෂි කරුණක්. තෘප්තිමත් මානව සම්පතින් පොහොසත් ආයතනයක් ලෙස නම් දැරීමට මේ සියලූ කරුණු හේතු සාධක වී තිබෙනවා.’’

1992 වසරේ දී ආරම්භ කළ මෙරට විශාලතම විලාසිතා මන්දිර පෙළ වන නෝලිමිට්හි මේ වන විට 1800කට වැඩි පිරිසක් එහි සේවයෙහි නියුතුව සිටියි. පාරිභෝගිකයින් වෙනුවෙන් සුහදශීලි සේවාවක් සපයමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වීම නෝලිමිට් හි සාර්ථකත්වයට මුල් වූ ප‍්‍රධානතම සාධකයකි.

මානව සම්පත් කළමණාකරන කි‍්‍රයාවලිය ප‍්‍රමිතියකට අනුව පවත්වාගෙන යාම, සේවකයින් වෙනුවෙන් යහපත් වැඩබිම තුළ යහපත් පරිසරයක් ගොඩනගා දීම ඇතුළු කරුණු රැසක් නෝලිමිට් මෙම සම්මානයට පාත‍්‍රවීම කෙරෙහි බලපෑ කරුණු අතර විය.

NOLIMIT_01 NOLIMIT_02