ඉවතලන වීදුරු එක්රැස් කිරීමේ යාන්ත‍්‍රණයක්

0

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අංශයේ ‘‘තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය’’ හරහා කි‍්‍රයාත්මක කරනු ලබන ‘‘වෙනසක මුල වෙමු’’ ව්‍යාපෘතිය යටතේ ප‍්‍රතිචකී‍්‍රකරණ කි‍්‍රයාවලිය වෙනුවෙන් වීදුරු එක්රැස් කිරීමේ වැඩසටහන විශ්ව විද්‍යාල භූමියෙන් ආරම්භ කරයි. සිය ව්‍යාපෘති හවුල්කරුවන පිරමාල් ග්ලාස් පී එල් සී අනුග‍්‍රාහකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරුණු අතර එමගින් එක්රැස් වන වීදුරු ප‍්‍රතිචකී‍්‍රකරණය වෙනුවෙන් අදාළ ආයතනය වෙත යොමු කිරීමට පියවර ගැනේ.

‘‘නිල්ල පිරුණු හෙට දවසක්’’ වෙනුවෙන් තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය විසින් ‘‘වෙනසක මුල වෙමු’’ යන ව්‍යාපෘතිය මීට මාස කිහිපයකට පෙර එළි දක්වන ලදී. ඒ යටතේ පරිසර හිතකාමී ඇසුරුම් ද්‍රව්‍ය භාවිතය, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම හා ප‍්‍රතිචකී‍්‍රකරණය තුළින් අපද්‍රව්‍ය කළමණාකාරනයට දායක විය හැකි ආකාරය පිළිබ`දව මහජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලබයි.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අංශයේ ප‍්‍රධානී මහාචාර්ය නිලන්ති බණ්ඩාර මහත්මිය ස`දහන් කළේ ‘‘ මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ‘‘වෙනසක මුල වෙමු’’ ව්‍යාපෘතියෙහිම එක් අංගයක් ලෙස අප මෙම වැඩසටහන අප කි‍්‍රයාත්මක කරනු ලබනවා. විශ්ව විද්‍යාලය තුළින්ම ඉවතලන වීදුරු නිසි අයුරින් එක්රැස් කිරීම ස`දහා මූලිකත්වය ගනිමින් ඒ පිළිබ`ද ආදර්ශයක් සැපයීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මේ තුළින් සමාජය තුළ යහපත් වෙනසක් සිදුවනු දැකීම අපගේ අෙප්ක්ෂාව වී තිබෙනවා.’’ යනුවෙනි.

එම අවස්ථාවට එක් වූ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ තිරසාරත්වය උදෙසා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය පි‍්‍රයාන් පෙරේරා මහතා පෙන්වා දුන්නේ ‘‘විශාල පිරිසක් දෛනිකව එක්රැස් වන ස්ථානයක් වශයෙන් විශ්ව විද්‍යාල තුළ අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස් වන අතර සාමාන්‍ය වීදුරු බෝතල් හා අනෙකුත් භාණ්ඩ වලට අමතරව විද්‍යාගාර ස`දහා භාවිතයට ගැනෙන වීදුරු බීකර හා පරීක්ෂණ නල වැනි දෑ හරහා වීදුරු විශාල ප‍්‍රමාණයක් දෛනිකව අපද්‍රව්‍ය සමග එක් වනවා. විශ්ව විද්‍යාල භූමිය තුල එලෙස ඉවතලන වීදුරු නිසි ලෙස ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමේ ක‍්‍රමවේදයක අවශ්‍යතාවයක් මේ හේතුවෙන් මතු වුනා. ඒ වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතිය හරහා ශී‍්‍ර ලංකාවේ වීදුරු නිෂ්පාදනය කරනු ලබන එකම කර්මාන්තශාලාව සම`ග එක්ව ඒ ස`දහා විධිමත් යාන්ත‍්‍රනයක් සකස් කිරීමේ හැකියාව අපට ලැබුණා. එම වැඩසටහනේ සාර්ථකත්වය මත පදනම්ව එය අනෙකුත් විශ්ව විද්‍යාල වෙත ව්‍යාප්ත කිරීම අපගේ අෙප්ක්ෂාව වී තිබෙනවා.’’ යනුවෙනි.

මෙම වැඩසටහන යටතේ විශ්ව විද්‍යාල භූමිය තුළ ඉවතලන වීදුරු එක්රැස් කිරීමේ ඒකක රැසක් ස්ථාපිත කිරීම සිදු කෙරින. විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම එහි කාර්ය මණ්ඩලයට ද වීදුරු අපද්‍රව්‍ය බැහැර කිරීම ස`දහා එම ඒකක වෙන්කර තිබේ.

‘‘තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය’’ ම`ගින් එම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබන අතර එක්රැස් වන වීදුරු ප‍්‍ර.තිචකී‍්‍රකරණ කි‍්‍රයාවලිය වෙනුවෙන් පිරමාල් ග්ලාස් සිලෝන් පී එල් සී ආයතනය වෙත යොමු කිරීම ද සිදුකරනු ලබයි. ව්‍යාපෘති සහකරු ලෙස දායකත්වය සපයනු ලබන පිරමාල් සිලෝන් ග්ලාස් පී එල් සී ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සංජේ තිවාරි මහතා වැඩසටහන පිළිබ`ද අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ‘‘ දිවයින පුරා ඉවතලන වීදුරු එක්රැස් කිරීම වෙනුවෙන් අප ආයතනය යටතේ කි‍්‍රයාත්මක වන මධ්‍යස්ථාන 21ක් පවතී. අපගේ ව්‍යාපාරයේ හා නිෂ්පාදන කි‍්‍රයාදායමය තුළ මෙන්ම ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සම`ග එක්ව පවත්වාගෙන යනු ලබන මෙම උපායමාර්ගික සහයෝගිතාවය පරිසර හිතකාමී වැඩපිළිවෙලක් වෙනුවෙන් කි‍්‍රයාත්මක කෙරේ. ‘‘තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය’’ සම`ග අත්වැල් බැ`ද ගනිමින් වඩාත් සුපිරිසිදු රටක් ගොඩනැගීම වෙනුවෙන් දායක විය හැකි වැඩසටහන් තවදුරටත් සවිබල ගැන්වීමට ඇති හැකියාවන් සොයා බලමින් ඒ ස`දහා අපගේ උපරිම දායකත්වය සැපයීමට බැ`දී සිටිනවා.’’ යනුවෙනි.

ඡායාරූපය
පිරමාල් ග්ලාස් සිලෝන් පී එල් සී ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සන්ජේ තිවාරි මහතා විසින් වීදුරු එක්රැස් කිරීමේ ඒකක ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙත භාරදුන් අවස්ථාව.