දිවි නැගුම චකබ්ලාස්!

0

දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවට අන්තර්ග‍්‍රහණය කළ 22,000 කට ආසන්න සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් හා පාරිතෝෂික මුදල් ගෙවා නොමැති බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසයි.එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුම කලූගේ මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාව හා කම්කරු කොමසාරිවරයා වෙත ඊයේ(22)පැමිණිලි කර තිබේ.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ මෙම සේවකයින්ගෙන් වැඩි පිරිසක් සමෘද්ධි සේවකයින් බවත් මොවුන්ට සේවක අර්ථ සාධක අරමුදල් හා පාරිතෝෂික මුදල් ලබා නොදීම නිසා කම්කරු නීති හා මානව හිමිකම් මුළුමනින් කඩකර ඇති බවයි.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවට අන්තර්ග‍්‍රහණය කළ සේවකයන් අසාධාරණය ලක් කිරීම පිළිබඳව කොමසාරිස්වරයා හා මානව හිමිකම් කොමිසම වෙත ඊයේ කරන ලද පැමිණිලි වලින් කරුණු 04 ක් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ බව පවසන සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා මෙම සේවකයින්ට බලවත් අසාධාරණයක් මෙන්ම කම්කරු නීති ද බලවත් සේ උල්ලංඝණය වී ඇති බවද පෙන්වා දෙනවා.

සේවකයින් බලවත් අසාධාරණයට ලක් කර ඇති මෙම ගැටළු සම්බන්ධව කම්කරු කොමසාරිවරයාගේ සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමු කර, ඊට අවශ්‍ය කඩිනම් සාධාරණ පියවර ගනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවත් මේ මොහොතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඊට කිසිඳු මැදිහත්වීමක් සිදු නොකර මගහැර සිටීම සම්බන්ධව කණගාටුව මෙන්ම කුතුහලයක් ද පැන නැගී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.