අඟල් 56 ක පපුවක් එපා!

0

මුස්ලිම් හා කි‍්‍රස්තියානි ජනතාව හින්දු ආගමට හැරවීමේ ගැටළුව සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුව පිළිගත න්‍යාය පත‍්‍රයක් අනුගමනය කරන බවත් ඒ සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදී ප‍්‍රකාශයක් කළ යුතු බවත්, එරට ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය වන රාජ්‍ය සභාවේදී එක්සත් විපක්ෂය ඊයේ (22) ඉල්ලීමක් කලා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී යොදාගත් ” රටට අවශ්‍ය වන්නේ හොඳ ශක්තිමත් හදවතක් ඇති නායකයකු” යන සටන් පාඨය උපුටා දක්වමින් පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වන්නේ අඟල් 56 ක පපුවක් නොව, අඟල් 4 ක පුංචි යහපත් හදවතක් යැයි ති‍්‍රනමුල් පක්ෂ නායක ඩෙරෙක් ඞී බ‍්‍රයන් කියා සිටියා.

මුස්ලිම් හා කි‍්‍රස්තියානි ජනතාව හින්දු ආගමට හැරවීමේ ගැටලූව ඉකුත් සතියේදී ඉන්දියාව තුළ මහත් අර්බුදයක් ඇති කලා.ඉන්දියාවේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය වන රාජ්‍ය සභාවේ අගමැති නරේන්ද්‍ර මෝදීගේ ආණ්ඩුවට ඇත්තේ සුළුතර නියෝජනයකි.රාජ්‍ය සභාවේ ඊයේ ආරම්භ වූ පාර්ලිමේන්තු සැසිය අද (23) අවසන් වීමට නියමිතය. කෙසේ වෙතත් ආණ්ඩුවට වර්තමානයේ ඇති වී තිබෙන ගැටළුවලට පිළියම් සෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

නීති විරෝධි ලෙස ආගම්වලට හරවා ගැනීමට පටහැනිව නීතිය ගෙන ඒමට සූදානමින් සිටින බවද භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයෙක් කියා සිටියා.