QZ 8501 යානයේ ගමන්ගත් අයගේ මළ සිරුරු සොයා ගැනේ (UPDATE)

0

මගීන් 162ක් සමග පසුගියදා අතුරුදන්වූ QZ 8501 ගුවන්යානයේ ගමන් ගත් මගීන් 06 දෙනෙකුගේ මළ සිරුරු ජාවා මුහුදු තීරයේ තිබී අද (30) සොයා ගෙන තිබේ.

එම යානය පසුගිය 28 වනදා ඉන්දුනීසියාවේ, සුරාබයා නුවර සිට සිංගප්පූරුව දක්වා ගමන් ආරම්භ කර විනාඩි 40කට පසුව දර්ශන පථයෙන් අතුරුදන්වූ බව BBC ලෝක පුවත් සේවය වාර්තා කරයි.

__________________________________________________________________________________________________________________________________________________________________________________________

පසුගියදා අතුරුදන්වූ QZ8501 ගුවන්යානයේ සුන් බුන් සෙවීමේදී තවත් මළ සිරුරු 40ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එයාර් ඒෂියා ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ ටෝනි ෆර්නැන්ඩස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ගුවන් යානා අනතුරෙන් විපතට පත් මගීන්ගේ පවුල් වෙනුවෙන් සිය බලවත් කණගාටුව පල කරන බවයි.