රට අස්ථාවර කළ 7000 ක් අත්අඩංගුවට

0

රට අස්ථාවර කරනවා යැයි චෝදනා ලැබූ බංගලාදේශ විපක්ෂ කි‍්‍රයාකාරීහූ 7000 ක් ඊයේ (22) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවා.අත්අඩංගුවට ගැණුන මෙම පිරිස බංගලාදේශයේ ප‍්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂයේ කි‍්‍රයාකාරීන් බවයි විදේස් මාධ්‍ය සදහන් කළේ.මෙම පිරිස පසු ගිය දින කිහිපය පුරා දීපව්‍යාප්ත වැඩ වර්ජන ආරම්භ කරමින් රටේ ප‍්‍රවාහන කටයුතු අඩපණ කිරිමට උත්සාහ කිරිම ප්‍රබලම චොදනාව වේ.

විපක්ෂ කි‍්‍රයාකාරීන් හා රජය අතර පවතින ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් තිබු අතර මේ වන විට එම ගැටුම හේතුවෙන් 36 දෙනෙකු ද මිය ගොස් 500 කට අඩික පිරිසක් තුවාල ලබා තිබේ.

ඉකුත් වසරේ බංගලාදේශයේ මහ මැතිවරණයක් පැවැත්වු අතර මැතිවරණ පැවැත්වීමට කටයුතු යෙදුනු ආකාරය දුෂිත යැයි පවසමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට ඉදිරිපත් වූයේ නැත. එහෙයින් අගමැති ශීක් හසිනා සහ ඇගේ නායකත්වයෙන් යුත් “අවාමි ලීගය” යළිත් වරක් පහසු ජයක් හිමි කර ගත්තේය.

එම අවස්ථාවේ සිට බංගලාදේශ ජාතික පක්ෂ ප‍්‍රමුඛ සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී විරෝධතා උද්ඝෝෂණ සහ වැඩ වර්ජන පැවැත්වීම ආරම්භ කලේය.

මේ අතර විපක්ෂ නායක මෙන්ම හිටපු අගමැතිනියක ද වන කලීඩා ෂියා පසුගිය දා නිවාස අඩස්සියෙන් නිදහස් වූවාය. බංගලාදේශ ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ ද ඇයයි. ඇය නිවාස අඩස්සියට පත් කෙරුනේ ඉකුත් වසරේදීය. එ රට අවස්ථාවර කරමින් ජනතාව උසිගන් වනවා යැයි චෝදනා එල්ල වීමත් සමඟමය.