“deedat” “Ride with Style” සිව්වැනි අදියර ඇරඹෙයි

0

ශී‍්‍ර ලංකාවේ දැවැන්තම විලාසිතාගාර ජාලයට හිමිකම් කියන NOLIMIT හි පිරිමි ඇදුම් නිෂ්පාදන අතර ප‍්‍රමුඛතම සන්නාමයක් වන “deedat” සිය වාර්ෂික දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහන එළි දක්වයි. ‘deedat’ සන්නාමය සම`ග අත්වැල් බැ`ද සිටින ලෙන්ගතු පාරිභෝගිකයින් වෙනුවෙන් කි‍්‍රයාත්මක කරනු ලබන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන NOLIMIT දැවැන්තම ප‍්‍රදර්ශනාගාරය වන වැල්ලවත්ත Image ශාඛාව අභියස සිට එළි දැක්වීම උත්සවාකාරයෙන් සිදුවිය.

“deedat” “Ride with Style” 2010 වසරේ දී පළමු වරට හදුන්වාදුන් අතර මේ වසරේ දී එය කි‍්‍රයාත්මක වන්නේ සිව්වැනි වරටයි. දිවයින පුරා පිහිටි ඕනෑම භධඛෂඵෂඔ හෝ NOLIMIT ප‍්‍රදර්ශනාගාරයකින් අවමය රුපියල් 3000ක වටිනාකමින් යුත් “deedat” නිෂ්පාදන මිලදී ගැනීමෙන් තර`ගය ස`දහා ඇතුළත් විය හැකිය. තර`ගය පෙබරවාරි මස 5වැනිදා සිට මාර්තු මස 15 වැනිදා දක්වා කි‍්‍රයාත්මක අතර අවසන් මහා දිනුම් ඇදීමෙන් තෝරාගනු ලබන ජයග‍්‍රාහකයින් 5දෙනෙකු වෙත Apache RTR යතුරු පැදි හිමිකර ගැනීමේ අවස්ථාව උදා වේ.

වැල්ලවත්ත පිහිටි NOLIMIT Image ප‍්‍රදර්ශනාගාරයේ පැවති ප‍්‍රවර්ධන වැඩසටහන සමාරම්භක උත්සවයේ දී සම්භාවනීය අමුත්තන්, මාධ්‍යවේදීන් හා පාරිභෝගිකයින් හමුවේ ත්‍යාග වශයෙන් පිරිනැමෙන Apache RTR යතුරුපැදි නිරාවරණය කිරීම සිදු විය. ප‍්‍රවර්ධන වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ෂප්ටැ ප‍්‍රදර්ශනාගාරයේ සිට යතුරුපැදිකරුවන් Image “deedat” ධජ රැගෙන ගම් නගර පුරා පිහිටි NOLIMIT හා Glitz ප‍්‍රදර්ශනගාර වෙත රැළියකින් ගමන් ආරම්භ කරන ලදී.

‘‘ඉතා කි‍්‍රයාශීලි පාරිභෝගිකයින් කණ්ඩායමක් අපගේ සන්නාමය වෙත ආකර්ෂණය කරගැනීම මෙවර අපෙක්ෂාවයි. “deedat” යනු තරුණයින් ස`දහා වූ සන්නාමයක්. ඔවුන් නිරතුරු සතුටින් හා විනෝදනයෙන් කාලය ගත කිරීමටත්, වික‍්‍රමාන්විත කි‍්‍රයාකාරකම් ස`දහාත් වැඩි උනන්දුවක් දක්වන පිරිසක්. ඒ හේතුවෙන් මෙවර ප‍්‍රවර්ධන වැඩසටහන යෞවනයේ සිතුම් පැතුම් වලට අනුරූප වන අන්දමින් හදුන්වාදීමට අප කටයුතු කළා’’ යනුවෙන් NOLIMIT අලෙවි කළමණාකරු රනීස් ෂෙරිෆ් මහතා ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබ`ද අදහස් දක්වමින් පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා දීර්ඝ කාලයක් පුරා සිය නිෂ්පාදන සම`ග අත්වැල් බැ`ද සිටින ලෙන්ගතු පාරිභෝගිකයින් වෙනුවෙන් ස්තූතියද පිරිනැමීය.

2004 වසරේ දී කමිස නිෂ්පාදන මුල්කර ගනිමින් වෙළෙ`දපොළට හදුන්වා දුන් “deedat” සන්නාමය ශී‍්‍ර ලංකාවේ තරුණ පරපුරේ විලාසිතා අවශ්‍යතාවයන්ට ගැලපෙන විසදුම් සම`ග එහි නිෂ්පාදන පරාසය තවත් ව්‍යාප්ත කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස “deedat” NOLIMIT භධඛෂඵෂඔ හි ප‍්‍රමුඛතම සන්නාමයක් බවට පත් වූ අතර එය ඇ`ගලුම් ස`දහා පමණක් සීමා නොවූ විචිත‍්‍රවත් විලාසිතා අවශ්‍යතා සපුරාලීමට සමත් සන්නාමයක් බවට ද මේ වන විට පරිවර්ථනය වී තිබේ. එම සන්නාමය යටතේ සාමාන්‍ය අවස්ථාවන්ට, රාජකාරි අවස්ථාවන්ට ගැලපෙන ඇදුම්, පාවහන් හා අනෙකුත් ආයිත්තම් පහසු මිල ගණන් යටතේ දිවයින පුරා පිහිටි NOLIMIT හා Glitz ප‍්‍රදර්ශනගාර වෙතින් මිලදී ගැනීමේ හැකියාව පවතී.

Dedat_01 Dedat_02 Dedat_03 Dedat_04 Dedat_05.