කැබ් රියක් ඉගිල්ලිලා

0

මහනුවර සිට කොටගල දක්වා ධාවනයවූ කැබ් රථයක ගැටුණු අවුරුදු හැත්තෑහයක (76) මහලු අයෙක් බරපතල තුවාල ලබා කොටගල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව තත්වය බරපතල නිසා ඔහු 1 මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.

මධ්‍යම පළාත් සභාවට අයත් මෙම කැබ් රථය නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ අද පැවැත්වෙන උත්සවයකට නිළධාරීන් පිරිසක් රැගෙන යන අවස්ථාවේ හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොමර්ෂල් ප‍්‍රදේශයේදී උදෑසන 10.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.

අධික වේගයෙන් ධාවනයවී ඇති මෙම කැබ්රථයේ ප‍්‍රධාන මාර්ගය මාරුවීමට ගිය මහලු අයෙක් කැබ්රථයේ ගැටී අඩි කීපයක් ඉදිරියට වැටී ඇති බවයි දිඹුල පොලීසිය පවසන්නේ. කැබ් රථයේ රියදුරා දිඹුල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (19) හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.අනතුර පිළිබඳ දිඹුල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ)

DSC07340 DSC07342