මේ අවජාතක ආණ්ඩුවක ඇරැඹූමයි

0

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ දිනවලදී බොහෝ දෙනෙකු බොහෝ අදහස් පල කරයි.

පහත දැක්වෙන්නේ ජාතික ආණ්ඩු සංකල්පය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමි දැක්වු අදහසකී.

“ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහාවූ අවස්ථා ගණනාවක් අතීතයේ තිබුණත් ඒ කිසිම අවස්ථාවක ජාතික ආණ්ඩුවක් හැදීමට දේශප්‍රේමි නොවුණ දේශපාලන කණ්ඩායම් අද ඉතාම හදිස්සියේ ජාතික ආණ්ඩුවකට කැමැත්ත පල කරලා තියනවා.

ජාතික ආණ්ඩුවකට අතවනන පිරිස මේ ජාතික ආණ්ඩු සංකල්පය රටට හෙළි කල යුතුයි.දැන් හොදටම පැහැදිලි මේ අය රටේ ජනතාව ගැන අමතක කරලා ජාතික වාදය පාගා දාලා අවජාතක ආණ්ඩුවක් නිර්මාණය කරන්නද මේ හදන්නේ ?එහෙම උදවියටත් අපිට කියන්න තියෙන්නේ අබසරණයි කියලා තමා.