ඔය උප්පරවැට්ටි ගැන අපි දන්නවා

0

වත්මන් ආණ්ඩුවට ටික කලෙක පටන් මහින්ද භිතිකාව වැළදී තිබූ බව අප සදහන් කල කරුණකී.පසුගියදා නුගේගොඩ පැවති ජන රැලියකදී එහි උච්ඡතම අවස්ථාවට ඇතැමුන් පැමිණි බව සදහන් කල යුතු අනෙක් කරුණයි.එදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නුගේගොඩට පැමිණි ජනතාව අපද දුටුවෙමු.තත්වය එසේ පැවතියද එය බොරු කිරීම සදහා ඇතැම් අමාත්‍යවරුන් කටයුතු කරන්නේ බොක්කෙන්ම මහින්දට බියවී ඇති නිසා දැයි අපට හැගේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය පි .හැරිසන් කියා සිටියේ ,

“අංජනම්කරුවෝ එකතුවෙලා ජනාධිපතිතුමායි අගමැතිතුමායි මේ රට දියුණුවට අරගෙන යන ගමන වළක්වන්න හදනවා.ඒ විතරක් නෙමෙයි මෑතකදී බොරුවට විශාල සෙනගක් පෙන්නලා ජනතාව මුළා කරන්න උත්සහ කලාට ඒ තරම් සෙනගක් හිටියේ නෑ.

කොහොමත් හවස 05.00ට ඒ හන්දියේ නයෙක් නටවන මිනිහෙක් නයෙක් නැටවුවත් මිනිස්සු 1,000ක් 1,500ක් ඉන්නවා. “