ඈවරයි ,දෑවරයි ශ්‍රිලනිප සීරුවෙන්

0

ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද (26) දිනයේදී තීරණයක් ගැනීමට නියමිතයි.අද පස්වරු 04.00 කොළඹ පිහිටි පක්ෂ කාර්‍යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව රැස්වීමට නියමිතයි.

පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට කටුනායකදී වැඩමුළුවක් පැවති අතර එහිදී ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් විය.විධායක ජනාධිපති ක්‍රමය සංශෝදනය කිරීම ,මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ව්‍යවස්තා සංශෝදන සහ ජාතික වශයෙන් වැදගත් යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි එහිදී යෝජනා වූයේ.මේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතයි.