කොළඹ ෆයිල් සහ නිල්වලා ෆයිල් ඇති ඇමති

0

“ඒ කාලේ එජාප ආණ්ඩුවේ ඉඳලා ඊයෙ පෙරේදා පෙරලුන ආණ්ඩුවේ ඇමතිකම් කළ කෙනෙක්. ඒ කාලේ ඒ මන්ත්‍රීතුමා ඇමතිවෙලා ඉන්න කාලේ ත්, මන්ත්‍රී ඉන්න කාලේත් මනුස්සයෙක් ලියුමක් දුන්නම , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අහනවලු, සෑර් මේ ලියුම කොළඹ ෆයිල් එකට ද නැත්නම් නිල්වලා ෆයිල් එකට ද කියලා. කොළඹ ෆයිල් එකට කිව්වොත් තමයි කොළඹ යන්නේ ලියුම. නිල්වලා ෆයිල් එකට යන ටික ලොකු ගෝනියක දාලා එතුමා කොළඹ යන ගමන් නිල්වලා ගඟට හලල යනවා. මෙහෙම කියන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ. ජනතා ප්‍රශ්න විසඳීමේ ජංගම සායනය – පස්ගොඩ මහජන පොළ භූමියේ පැවති වැඩසටහනකදි ඔහු මෙහෙම් කිව්වා …

“ඊයෙ පෙරේදා විමල් වීරවංශ මහත්තයා ගිරිය පුප්පගෙන කෑ ගහනව. හොරු හිටිය නම් අල්ලන්නෙ නැත්තෙ මොකෝ කියල. කෝ අර ලැම්බෝගිනි.කෝ අර ඉන්නවයි කියපු සුදු අශ්වයෝ. ඇහුවෙ නැත්තේ කෝ අර හිටපු ජනාධිපති තුමාගේ බාල පුතා අහසට යවපු චන්ද්‍රිකාව කියලා. ඒක විතරයි හොය ගන්න බැරි. කෝ ඒක යැව්ව යැව්වමයි වෙච්ච දෙයක් නෑ. තාමත් යනව ඇති අඟහරු එහෙම පහු කරගෙන. ඒකෙ වලිගෙ වත් අල්ල ගන්න ලැබෙන්නෙ නෑ. ඊයෙ පෙරේදා කිව්වා, විමල් වීරවංශ මහත්තයා, මගේ මායියට, එහෙම නැත්නම් පවුලට, මගේ ගෙදර එක්කෙනාව ඔන්න අතඩංගුවට ගන්නව මෙන්න අත් අඩංගුවට ගන්නව කියලා. අත් අඩංගුවට ගන්නවට කොච්චර බය වෙලාද කියනවා නම්, නෝන මහත්තයා හිටියේ තරු පහේ හෝටලයක් වගේ රෝහලක. මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දීල තියෙනවා, වහාම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට නැත්නම් ආණ්ඩුවේ මහ උළු ගෙදර තියෙන ස්පිරිතාලෙට දාන්න කියලා. දැන් ඒකේ පැයක් ඉන්න ඕනේ නෑ. ඒකේ වැසිකිළියට යනකොට එතුමියට තේරෙයි ජන දුක. ඇයි ? තමුන්නාසේල දන්නවා අරලියගහ මන්දිරයේ වැසිකිළිත් එයාර් කන්ඩිෂන් කරල තිබුනේ. ටීවීත් හයි කරල තිබුනේ. ඒත් මේ මාතර දිස්ත්‍රික්කයේ පමණක් 7 200 ක් ජනතාවට වැසිකිළි නෑ. මගේ සංඛ්‍යා ලේඛන නෙමෙයි, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන.”