මෝදි නැවු වැඩකට අත ගසයි!

0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකාව සඳහා වන නිල සංචාරයේදී මැදව්ච්චිය, මන්නාරම දුම්රිය සේවාව විවෘත කිරිමට සුදානමින් සිටින බව ටැමිල් සීඑන්එන් වෙබ් අඩවිය වාර්තා කරයි.ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදි තලෙයිමන්නාරම ජැටිය ප්‍රදේශයේද සංචාරයක නියලීමට නියමිත බවත් එම හෙතුවෙන් පසුගිය 24 වැනිදා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින් සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් මන්නාරම ජැටිය ප්‍රදේශයට ගොස් එහි තත්වය නිරීක්‍ෂණය කර ඇති අතර තලෙයිමන්නාරම ජැටියද පරීක්‍ෂා කර තිබෙන බව එම වෙබ් අධවිය පවසයි.

ශ්‍රී ලංකාවේ ගැටළු ඇතිවීමට පෙර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ තලෙයිමන්නාරම – රාමේශ්වරම් අතර නෞකා සේවාව නැවත ආරම්භ කිරීම සඳහා වන කටයුතු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සිදුකිරීමට නියමිත බවද දැනගැනීමට ලැබී ඇති බවද වාර්තා වේ.