ආණ්ඩුවේ වැඩ හෙන චාටර්

0

වත්මන් රජයෙන් දේශපාලන නියෝජිතයන්ගේ දරුවන් සහ බිරින්දෑවරුන් ප්‍රවේසම් කල යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.මේ වෛරි දේශපාලනය දැන්වත් නතර කල යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කලේ.

එකිනෙකාට මඩ ගසමින් මේ සිදු කරන දේශපාලනය ගැන තමන් අතිශයින් කලකිරීමකට ලක් වන බවත් තමා කිසිවෙකුකෙන් පලි ගත් බවට තමා දෙසට ඇගිල්ල දික් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවද මහින්ද රාජපක්ෂ මෙහිදි අවධාරණය කලා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂි වීරවංශගේ සුව දුක් විමසා බැලීම සඳහා අද (27) කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියා.

මේ අතර ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය අද (27) තීරණය කලා.

අදාළ නඩුව අද(27) කැඳවමින් රහස් පොලීසිය විසින් සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇය අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

රහස් පොලීසිය වෙනුවෙන් පෙනීසිටි නියෝජිතයින් අධිකරණය විසින් සුදුසු තීරණයක් ගැනීම සම්බන්ධයෙන් තමාගේ විරෝධයක් නොමැති බව අධිකරණයට දැන්වීමෙන් පසු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට රු.15,000 ක මුදල් ඇපයක් හා රු.ලක්ෂ 5ක පුද්ගලික ඇපයක් මත නිදහස් කිරීමට තීරණය කළේය.