MY3 ගෙන් UNP එකට පොල්ලක්

0

ඉදිරි මහ මැතිවරණය තුළදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහයෝගය ලබා දෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටද එසේත් නැතිනම් එක්සත් ජාතික පක්ෂයටද ?මේ අද වන විට සමාජය තුළ කතා බහා කරන මාතෘකාවකී.

කොහොම නමුත් මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේදී තම තමන්ගේ දේශපාලන වේදිකාව තුළට නග්ගවා ගැනීම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයද වෙන වෙනම කඹ ඇදිලි ආරම්භ කර තිබේ.

නමුත් එක්සත් ජාතික පක්ෂය නම් මහ ලොකුවට පසුගිය දිනවලදී සදහන් කලේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවකට නගින්නේ නැති බවට පොරොන්දුවක් ලබාදී ඇති බවයි.

නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (26 ) ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණයට සූදානම් වන ලෙසයි.

ඉදිරි මැතිවරණයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් පක්‍ෂයේ උප සභාපතිවරු, උප ලේකම්වරු, දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් පත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පක්‍ෂයේ ලේකම්වරයාට සහ ජාතික සංවිධායකවරයාට උපදෙස්‌ දී ඇත.

ප්‍රථමයෙන්ම දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් සියලු ආසනවල අනුබද්ධ සංවිධාන කැඳවා දැනුවත් කිරීම් සිදුකරන ලෙසත් ඉන්පසු ගම් මට්‌ටමින් එම දැනුවත් කිරීම් කරන ලෙසත් මෙහිදී දැනුම්දී ඇත.

ඉදිරියේදී මෛත්‍රිපාල සිරිසේන සහයෝගය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට නම් මේ සිදු වන්නේ මොණවාදැයි අපට ගැටළු සහගතයි.කෙසේ නමුත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට හොද පොල්ලක් තැබීමට නම් සුදානම් වනවා දැයි අපට හැගේ.