මහින්දට PULL එකක්

0

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා විය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවට අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වැඩසටහන අද (27) උදෑසන ගිනිගත්හේන නගරයෙන් ආරම්භ වුණා .අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රී හෙළප‍්‍රිය නන්දරාජ විසින් සංවිධානය කළ මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත‍්‍රික්කය පුරා පැවැත්වේ.

මෙහිදී අදහස් දැක්වූ හෙළප‍්‍රිය නන්දරාජ පවසන්නේ හිටපු ජනාධිපතිවරයාට නැවත දේශපාලනයට පැමිණීමට ඉඩ ලබාදිය යුතු බවත් හංසයා ලකුණට ඡන්දය පාවිච්චි කළ බොහෝ දෙනෙකු ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය සමග එක්රොක් වන බවයි.

පැවති ජනාධිපති මැතිවරණයෙන් පන්ලක්ෂ පනස්දහසකට අධික නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් මහින්ද රාජපක්ෂට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න ප‍්‍රමාණයකි. සමස්ත වතුකරයේම ජනතාව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දිනවීම සඳහා හංසයා ලකුණට ඡන්දය ලබාදී තිබුණා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC08094 DSC08096 DSC08101 DSC08104 DSC08118