මෛත්‍රිපාල කටින් අරී

0

වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ දැඩි අකමැත්තකී.මක් නිසාද යත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වූදා පටන් රට තුළ පැවතියේ වෛරි දේශපාලනයක් බව දන්නෝ දැන් හොදාකාරවම දනී.

බැසිල් හොරා ,මහින්ද හොරා යැයි ආමන්ත්‍රණය කරමින් වත්මන් රජය කටයුතු කලද ඒ අය සිදු කල හොරකම් පිළිබද රටේ ජනතාවට හෙළි කර ඔවුන් නිතීය ඉදිරියට ගෙන ඒමට වත්මන් රජයට හැකියාවක් නොලැබුණේ වත්මන් රජයේ ඇති අප්‍රාණික තත්වය නිසා බවද සදහන් කල යුතුමයි.

මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූදා පටන් ඔහු සිදු කලේ හොරුන් පසුපස එළවීම පමණි.වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතු බවට අපද පිළිගන්නා කාරණාවයි.නමුත් ඒ පිළිබදව කිය කියා කාලය ගත කිරීම ඉතාමත් අප්‍රසන්න ගතියකි.

නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නම් කියා සිටියේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය දේශපාලන පලිගැනීම් වලින් තොර අපක්ෂපාතී ස්වාධීන රාජ්‍ය සේවයක් බවයි.ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කලද වත්මන් පාලනය දෙස අවධානය යොමු කිරීමේදී පවතින තත්වය හොද යැයි ප්‍රකාශ කිරීමට අපට කිසිදු උවමනාවක් නොමැත.