Boris Nemtsov ඝාතනය කොන්ත්‍රාත්තුවක්

0

රුසියාවේ විපක්ෂ දේශපාලනඥයකු සහ හිටපු නියෝජ්‍ය අගමැති වන Boris Nemtsov ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.ශාන්ත බැසිල් දෙව්මැදුර හා ක්රෙම්ලින මානයේ පාලමක් මත දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

මෙම ඝාතනය කොන්ත්‍රාත් පදනම මත සිදූවූ එකක් බව මේ වන විට අනාවරණය වී ඇති අතර සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් සිව් වතාවක් මොහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලා.

ඉකුත් සිකුරාදා රාත්‍රී 11.40 ට පමණ කාන්තාවක් සමග Bolshoy Kamenny පාලම හරහා ගමන් කරමින් සිටි අතරතුර මොහු මෙම ඝාතනයට ලක් වී ඇති බව රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවද එම විදෙස් මාධ්‍ය වාර්තා කරුණු දක්වමින් සදහන් කරනවා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම ඝාතනය හෙලා දැක තිබේ.යුරෝපා කවුන්සිලයේ, මහ ලේකම් Thorbjorn Jagland තම Twitter ගිණුම හරහා, Boris Nemtsov ගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පා වන බවත්, ඝාතකයින් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් සදහන් කර තිබුණා.

එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා මෙම “අමානුෂික ඝාතනය” හෙළා දුටු අතර, “කඩිනම් අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂනයක්” පැවැත්වීමට රුසියානු ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කර තිබේ.

රුසියාවේ විශාලම නගරයක් වන Nizhny Novgorodහි ආණ්ඩුකාරවයා ලෙස කටයුතු කළ අවදියේ ආර්ථික ප්‍රතිසංස්කාරකයෙකු ලෙස නමක් දිනා ගැනීමටද Boris Nemtsov සමත් වී තිබෙනවා.

_81303975_81303974 _81305527_026098139-1