ඉන්දියාවත් චූන් වේ!

0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව, ආර්ථිකය සඳහා වැඩි ආයෝජන ආකර්ෂනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් ව්‍යාපාර හිතකාමී අයවැයක් සකස් කර ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය අරූන් ජේට්ලි පවසා සිටියේ පෙර නොවූ විරූ අයුරින් ව්‍යාපාරික බදු අඩු කර ඇති බවයි.

විශ්වීය සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති, දුප්පතුන් සඳහා ලැබිය යුතු ප්‍රධාන ප්‍රතිලාභ සම්බන්ධයෙනුත් ඔහු මෙහිදී යෝජනා ඉදිරිපත් කළ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

ආර්ථික වාර්තාවලට අනුව මෙම අයවැය යටතේ ඉන්දියාව 2015-2016 වසර තුලදී 8% කට වඩා වැඩි වේගයකින් වර්ධනය වීමටද හැකියාව ලැබෙන බව සදහන් වෙනවා.එමෙන්ම දැනට පවතින දළ දේශීය නිෂ්පාදනය ගණනයේ යම් දෝෂ පවතින බැවින් එයද වෙනස් ක්‍රමයක් ඔස්සේ ගණනය කිරීමටද ඉන්දියාව කටයුතු සැලසුම් කරමින් සිටිනවා.

රට ඉතාමත් වේගයෙන් වර්ධනය වෙමින් පැවති බවත්, උද්ධමනය පහල ගොස් විදේශ විනිමය සංචිත ඉහල ගොස් ඇති බවත් පාර්ලිමේන්තුවේදි අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අරූන් ජේට්ලි පවසා තිබේ.

සාර්ව ආර්ථීක ස්ථායීතාව තහවුරු කිරීම සහ දරිද්‍රතාව ඉවත් කිරීම, රැකියා උත්පාදනය, කල් පවත්නා ඉලක්කම් දෙකක විශාල ආර්ථික වර්ධනයක් සඳහා කොන්දේසි නිර්මාණය, යන කරුණු සම්බන්ධයෙන්ද ජේට්ලි ඔහුගේ අයවැය කතාව තුළ කරුණු විග්‍රහ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලා.

_81304731_81304729