නැතිවෙන ඒවා හොයන්න අළුත් විදිහක්!

0

මැලේසියානු MH370 ගුවන් යානය අතුරුදහන් වී වසරක් ගත වීමටත් පෙර ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, සහ මැලේසියාව යන රටවල් අතුරුදහන් වන ගුවන් යානා සෙවීමේ නව ක්‍රමවේදයක් අත්හදා බලමින් සිටියි.

පසුගිය වසරේ මාර්තු මස 08 වන දින ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා, මගීන් 239ක් රැගෙන ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වුවත් තවමත් නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

දැනට පවතින ක්‍රමවේදය හරහා ගුවන් යානයක් ගුවන්ගත වී සෑම විනාඩි 30-40 ත් අතර කාලයකදී පරීක්ෂණයකට භාජනය වුවත්, නව ක්‍රමවේදය හරහා සෑම විනාඩි 15කට ම වරක් ගුවන් යානය පරීක්ෂාවීමකට භාජනය වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය දැනට භාවිතා කරන්නේ දිගු ප්‍රහාරක ජෙට් යානා සදහා පමණක් වුවද, මෙහි ඇති වටිනාකම හේතුවෙන් මගී ගුවන් යානා සදහා ද මෙම තාක්ෂණය උපයෝගී කර ගැනීමට එම රටවල් කටයුතු කරමින් සිටිනවා.

නමුත් තාක්ෂණය උපරිම අයුරින් භාවිතා කරමින් ඉදිරියේදී මෙම කාලය විනාඩි 5ටත් වඩා අඩු කාලයක් බවට පත් කිරීමට මෙම රටවල් කටයුතු සැලසුම් සකස් කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

 _74595547_021920366afp