ඉඩමක් නිසා හුටපටයක්

0

කාසල්රී ජලාශය අසල නෝර්වුඞ් වතුයායේ ග්ලැන්කන් කොටසට අයත් යැයි පැවසෙන ඉඩම් කැබැල්ලක් පිටස්තර අයෙකුට ලබා දුන්නේ යැයි පවසමින් ඒ අවට වතු කම්කරුවන් පිරිසක් අද (02) පස්වරුවේ එම ඉඩමට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.එම වතු කම්කරු පිරිස පවසන්නේ තමන් වසර සියයකට වැඩිකාලයක් ලයින් කාමරවල ජීවත්වන බවත් තම වතුයායට අයත් ඉඩම් වලින් කැබැල්ලක් තමන්ට ලබා නොදී පිටස්තර අයට වක‍්‍ර ආකාරයට ඉඩම් ලබාදීමට තමන් විරුද්ධ බවයි.

එසේ මෙම ඉඩම ලබාදුනහොත් කාසල්රී ජලාශය අසල තිබෙන තම වතුයායට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කරන බව වතු කම්කරුවන් පවසනවා.මෙම ඉඩම ලබාගත් අය පවසන්නේ ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම ඉඩම් කැබැල්ල නීත්‍යානුකූලව ලබාදුන් බවයි.

මේ පිළිබඳව අප ගිනිගත්හේන සහකාර ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රදීප් ධනපාලගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ දික්ඔය මූලික රෝහලේ නව ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා අත්පත් කරගත් ඉඩමක් වෙනුවට එම ඉඩමේ හිමිකරුට නීත්‍යානුකූලව ගැටලු මතුවී ඇති ස්ථානයෙන් පර්චස් විස්සක (20) ඉඩම් කැබැල්ලක් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාව හරහා ලබාදී ඇති බවයි. වතු කම්කරුවන් පවසන්නේ එසේ නීත්‍යානුකූලව ඉඩම ලබාගත් අය විසින් පිටස්තර අයෙකුට මෙම ඉඩම විකුණා ඇති බවයි.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

edama 02 edama 01