Home / ක්‍රීඩා / BCCI නව ප්‍රධානියා ලෙස Jagmohan Dalmiya පත් කෙරේ

BCCI නව ප්‍රධානියා ලෙස Jagmohan Dalmiya පත් කෙරේ

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) නව ප්‍රධානියා ලෙස Jagmohan Dalmiya පත් කර තිබෙනවා.ඔහු මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ICC) ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායම් සහයෝගය ඇතිව පසුගිය සඳුදා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී ඔහු මෙම ධූරය සදහා තේරී පත් වී ඇති අතර දශකයක් පුරා ඔහුගේ පළමු කඹ ඇදීමෙන් අනතුරුව ඔහු නැවත මෙම ධූරයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා පෙන්වා දෙන්නේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL)තරගාවලියේ චෙන්නයි සුපර් කින්ග්ස් කණ්ඩායම භාරව කටයුතු කරන N.සිරිනිවාසන් හට, අවශ්‍යතා පිළිබඳ ගැටුමක් ගැන සඳහන් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී තනතුර සදහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කළ අතර ප්‍රධානියා තෝරා ගැනීම සදහා ඡන්දය ප්‍රකාශ කිරිමේ අවස්ථාව ඔහුට ලබා දී තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවත් පුළුල් කිරිමේ අරමුණින්, එම මණ්ඩලයේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක ප්‍රධානින් දෙදෙනෙකු වන N. සිරිනිවාසන් සහ ෂරඩ් පවර් යන අය සමග ද පසුගිය සති අන්තයේදී Jagmohan Dalmiya විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්ථා කරන්නේ.

Check Also

CUP එකට නැවුම් බලාපොරොත්තුවක්

මෙහිදී ස්කොට්ලන්තයට පන්දුවාර 43.1දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215කි.මේ ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකාව මූලික වටයේ සියලු තරඟ (06) ට සහභාගි වී තරඟ 4ක ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.එහි පළමු තැන නවසීලන්තයටත්, තෙවැනි තැන ඔස්ට්‍රේලියාවටත් හිමි කරගෙන තිබේ.