යතුරු පැදියෙනුත් ඉගිල්ලිලා

0

හෝමාගම සිට හැටන් දක්වා ධාවනයවූ යතුරුපැදියක් හා හැටන් සිට වටවල දක්වා ධාවනයවූ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුල් කළ බව හැටන් පොලීසිය පවසනවා.අද (04) උදෑසන 9.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප‍්‍රදේශයේදීයි.

අධික වේගයෙන් ධාවනයවී ඇති යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසන්නේ. අනතුරින් තුවාල ලබා ඇත්තේ පෞද්ගලික සමාගමක අලෙවි නියෝජිතයන් වශයෙන් සේවය කරන කුරුණෑගල මාවතගම ප‍්‍රදේශයේ පදිංචි කරුවන් බවයි පොලීසිය පවසන්නේ.

ලොරි රථයේ රියදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරුවන්ගේ තත්වය බරපතල නිසා ඔවුන් නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC08212 DSC08213