අද නුවරට සන්ධාන මන්ත්‍රිවරු 100ක්-රැළිය සජීව බලන්න

0

“දිනූ රට අනතුරක – ජාතියේ අභියෝග ජයගැනීමට පෙළ ගැසෙමු” යන්න තේමා කරගෙන අද (06 ) පස්‌වරු 3.00 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසල පැවැත්වෙන ජාතික රැලියට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සියයක්‌ පමණ සහභාගි වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

සහභාගි වන සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු බවත් තම තනතුරුවලට වඩා රටට ආදරය කරන ශ්‍රී ල.නි.ප. මහජන නියෝජිතයන් සිටින බව මෙම රැලියෙන් පැහැදිලි වනු ඇතැයිද ගම්මන්පිල අවධාරණය කළා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස බලකරමින් මෙම රැලිය පැවැත්වේ.

මෙම ජනහමු මාලාවේ තුන්වැන්න අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් අනතුරුව රත්නපුර, කුරුණෑගල, මොනරාගල, ගම්පහ හා මාතර නගර වලදීද රැස්‌වීම් සංවිධානය කර තිබේ.

මෙම ජාතික රැලිය සජීවීව නරඹන්න…..