අනුර පැටියාට මුකුත් කියන්න එපා

0

ඉන්දියාව විසින් වත්මන් ආණ්ඩුව අල්ලේ නටවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.මේ මොහොතේ මහනුවර පැවැත්වෙන ජන රැලියකට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

යහපාලන ආණ්ඩුව කළු කොටියා එළියට දැමීමට කටයුතු කරන බවත් රට තුළ යළි ඊලම ඇති කරලා රට ලේ විලක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රිවරයා කියා සිටියා.වත්මන් ආණ්ඩුව ජනතාවට ලණුවක් ලබාදී ඇති අතර ඒ ලණුව වැමෑරීමට කාලය එළැඹි ඇති බවද මන්ත්‍රිවරයා අවධාරණය කලා.

වත්මන් ආණ්ඩුව කෙප්පරක් බොරු කියමින් රටේ ජනතාව රවට්ටා ඇති බවද විමල් වීරවංශ වැඩිදුරටත් කියා සිටියා.

වත්මන් ආණ්ඩුව ජෝන් කෙරීට අවශ්‍ය ලෙස කඩේ යෑම ආරම්භ කර ඇති අතර ජෝන් කෙරීලාට කුලියට කඩේ යන්න අනුර කුමාරලා රතු කමිසය විකුණා ඇති බවද ඔහු සදහන් කලා.

වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ ,

දැන් අර අනුර විජේදාස රාජපක්ෂව අල්ලගෙන.විජේදාස කිව්වා ගනු කඩුව එනු සටනට කියලා.අනුර ගිහින් මේක කිව්වා රනිල්ට.රනිල් මොකද්ද විජේදාසට කිව්වේ ?මගේ අනුර පැටියාට මුකුත් කියන්න එපා කිව්වා.අනේ මන්දා මේවා ඉතිං අකිලලා ,සගලලා දැන ගන්න ඕන.ජනතා විමුක්ති පෙරමුණ අද ජනතා කුමාරණතුංග පෙරමුණක් බවට පත් වෙලා.

රනිල් එක්ක ආණ්ඩු කරන්න රටට ආදරය කරන අය කැමති නෑ.ජනතා කැමැත්තකින් තොරව අගමැති බවට රනිල්ව පත් කරපු  මෛත්‍රි මහත්තයෝ මේ පාප කර්මය නැති කරන්න ඔයාට කැළණිය තුන් පාරක්වත් වැදලා සමා කරගන්න බෑ.ජෝන් කෙරිලාට සම්මාදන් වෙච්ච අය එක්ක අපිට ගණු දෙනුවක් නෑ.අපිට ඕනේ ඒ පාප කර්මයට අත ගහන්න නෙමෙයි.මහින්ද අගමැති කරන පිං වැඩේට අත දාන්නයි.මහින්ද රාජපක්ෂ යන්නේ කොහේද කාන්දං වගේ මිනිස්සු ඇදෙනවා.අනිත් අයට කැදත් නෑ.

දවසට 05 බැගින් මහින්ද මහත්තයාට අවලාද ගහනවා.මන්දිර තියනවා කිව්වා ,රත්තරං අශ්වයෝ ඉන්නවා කිව්වා ,හෙලිකොප්ටර් තියනවා කිව්වා.ඉතිං ගෙනල්ලා පෙන්නපල්ලාකෝ.මේ අවලාද වලින් ජාතියේ පියා නැති කරන්න බෑ.ඒ නිසා සකල දේශවාසි යහපාලන ටොයියනි ගණන් හදන්න.ඊළගට අනුරාධපුරයට එන්න.

කියනු මැන යහපාලන ටොයියනි ඇයි මේ 23 විසුරුවන්නේ නැතුව කල් දාන්නේ ?මොවුන් දන්නවා රාජපක්ෂලාගෙන් අභියෝගයක් එනවා කියලා.අපි කියනවා  කොච්චර කල් ගත්තත් කාලය යන්න යන්න මහින්ද රාජපක්ෂව ඕන වෙනවා.යහපාලන ටොයියනි මේ දේවල් අවාසි වන්නේ ඔයාලටයි.

මේ යහපාලන ටොයියන්ට භය වෙන්න එපා.මේ දිනා ගත් නිදහස ආරක්ෂා කරන සටන.මේ ජාතික ගමනට එකතු වෙන්න.ඒක කරන්න මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කල යුතුයි.