රොතස් රක්ෂිතයේ අක්කර 15ක් සුන්!

0

හැටන් පොලිස් වසමට අයත් රොතස් වත්තේ ඉලුක් සහ තණ බිම් සහිත ජල පෝෂිත රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (07) පස්වරු 2.30 ට පමණ හටගත් මෙම ගින්නෙන් මේ වන විට අක්කර පහළොවක් (15) පමණ කොටසක් ගිනිගෙන විනාශවී තිබෙනවා.

ප‍්‍රදේශයේ දැනට පවතින වියළි කාළගුණ තත්වය හා දැඩි සුළං තත්වය හමුවේ ගින්න සීඝ‍්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. මහවැලි ගඟට ජලය ගලා බසින හැටන් ඔය ආරම්භවන්නේද මෙම රක්ෂිතයෙන් වන අතර මෙම රක්ෂිතය තුළ වල් ඌරන්, වැලිමුවන් සහ හාවන් වැනි සතුන් ගණනාවක් ජීවත් වනවා. එම සතුන් දඩයම් කිරීමේ අරමුණින් මෙම ගින්න තබන්නට ඇති බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC07457 DSC07458 DSC07464 DSC07472