මහින්ද මෛත්‍රිය පතයි

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත වරක් මෙරට ජනාධිපති වූවානම් මෛත්‍රිපාලට සහයෝගය දැක්වූ රතන හිමි ,සෝභිත හිමි සේම මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් අද හිර කුඩූවේ හෝ එසේත් නැතිනම් ඔවුන් මැරුණු තැන්වල ගසුත් පැලවී ඇති බව යහපාලකෝ දිගින් දිගටම සදහන් කරන කාරණාවයි.

නමුත් මෛත්‍රිපාල සිරිසේන මෙරට ජනාධිපතිවූදා පටන් රාජපක්ෂලාට හොරුන් යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ඔවුන් හිර කිරීමට කුමන්ත්‍රණ සිදුකරමින් පවතී.ඒ සියල්ල දේශපාලණික පලිගැනීම් බවයි බොහෝ දෙනෙකු සදහන් කරන්නේ.නමුත් ඒ තත්වය දිගින් දිගටම පැවතියහොත් මේ ආණ්ඩුව ගෙදර යන දිනය ඉතා ඉක්මණින්ම උදාවෙනු ඇත.එසේ බැලුවහොත් රාජපක්ෂලා අතර සහ සිරිසේනලා අතර වැඩි වෙනසක් නොපවතී.

මේ අතර ඊයේ (10) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බෝධී පූජා පිංකමක් සදහා සහභාගි විය.ඒ සදහා විශාල ජනකායක් පැමිණි අතර එහිදී මහින්ද රාජපක්ෂ පැමිණ සිටී පිරිස අමතමින් කියා සිටියේ යහපාලකයන්ගේ සිත්තුල මෛත‍්‍රීය ඇති වී බොරු චෝදනා දමමින් විපක්‍ෂ දේශපාලඥයන් හිර ගෙදරට තල්ලූ කරන සිතුවිලි නැති විය යුතු බවයි.කෙසේ නමුත් අපට නම් පෙනී යන්නේ වත්මන් පාලනයත් පසුගිය පාලනයත් අතර එතරම් වැඩි වෙනසක් නොමැති බවයි.

11060102_944544792245528_4564063249980548822_n