හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනයට නව අරුතක්

0

සමාජයේ විවිධ අවස්ථාවන් වල විවිධ භූමිකාවන් රග දක්වමින් සිය පවුලට, සමාජයට, රටට කාන්තාව වෙතින් ඉටුවන යුතුකම් බොහෝමයකි. අතීතයේ පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් සහ වගකීම් ඉටුකිරීමට පමණක් මුල්තැන දුන් යුගයක කාන්තාව ජීවත් වුවද වර්ථමානය වන විට ඉන් ඔබ්බට ගිය වගකීම් රැුසක් ඇය වෙත පැවරී ඇතx දියණියක් ලෙස දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන ඇය බිරි`දක් ලෙස සිය සැමියා වෙනුවෙන්ද මවක් ලෙස සිය දුදරුවන් වෙනුවෙන් ද ඇය වෙත විශාල වගකීමක් පැවරී තිබේ.

මවක් ලෙස යහපත් පරපුරක් බිහි කිරීම ස`දහා හැකි සෑම අයුරින්ම කැපවන ඇය වර්ථමානය වන විට පවුලේ ආර්ථිකය වෙනුවෙන් ද දායක වෙමින් සිටියි. නිවසේ පාලනය භාරගෙන සිටි ඇය අද වන විට රට පාලනයට  දායක වන අයුරුද දක්නට ලැබේ.

තමන් වෙත බැදුණු සියලු වගකීම් හා යුතුකම් ඉටුකරමින් කාර්යබහුල ජීවන රටාවක් ගෙවන කාන්තාව තම සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කෙතරම් අවධානය යොමු කරන්නේ ද යන්න පිළිබ`දව යළිත් වරක් සිතා බැලීමට කාලය එළැඹ තිබේ.ඇතැම් කාන්තාවන් සිය රූසපුව පිළිබ`ද යොමුකරන තරම් හෝ අවධානයක් සිය ශරීර සුවතාවය කෙරෙහි යොමු කරන්නේ ද පිළිබ`දව පවතින්නේ සැකයකි. සුළු ශරීරාබාධ නොසලකා හැරීමත්, ඒ පිළිබ`ද නිසි අවධානය යොමු නොකිරීමත් බොහෝ කාන්තාවන්ගේ ස්වභාවයයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වඩාත් අර්ථවත් ලෙස සැමරීමේ අරමුණින් හේමාස් රෝහල් ජාලය කාන්තාවන් වෙනුවෙන් ම විශේෂ වරප‍්‍රසාද රැුසක් හදුන්වා දී තිබේ. ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයට ලක් වූ  ශී‍්‍ර ලංකාවේ පළමු රෝහල් ජාලය වන හේමාස් රෝහල් ජාලයට අයත් වත්තල සහ තලවතුගොඩ යන රෝහල් වෙතින් කාන්තාවන්ට වඩාත් වැදගත්  පර්යේෂණ රැසක් රුපියල් 2550×00 වැනි ගාස්තුවක් යටතේ සිදුකර ගැනීමේ පහසුකම් සලසා දී ඇත.

 නිරාහාර රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාව (Fasting Blood Sugar), මේද පරීක්ෂණ (Lipid Profile), මුත‍්‍ර පරීක්ෂණ (Urine full report&” TSH” ECG”) පියයුරු ආශි‍්‍රත අසාමාන්‍ය ගැටිති පරීක්ෂාව මෙන්ම අක්ෂි පරීක්ෂණ, දේහ ස්කන්ධ දර්ශකය මැනීම, පෝෂණවේදී උපදෙස් ලබාදීම, රුධිර පීඩනය මැනීම ඇතුළු පරීක්ෂණ රැසක් සම`ග සුදුසුකම්ලාභී වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාදීම එහිදී සිදු කෙරේ.

ඊට අමතරව වර්ථමානයේ බහුලව කාන්තාවන්ට වැලදිය හැකි පිළිකා අවධානම් තත්ත්වයන් හදුනා ගැනීම ස`දහා හේමාස් රෝහල් ජාලය හරහා සිදුකරනු ලබන මැමෝග‍්‍රාෑම්, පැප් සහ පියයුරු ආශි‍්‍රත අල්ට‍්‍රා සවුන්ඞ් පරීක්ෂණ ස`දහා 25%ක වට්ටමක් ද ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම සේවාව ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු මස 8වැනිදා සිට ආරම්භ වන අතර එය මාර්තු මස 31වැනිදා දක්වා කි‍්‍රයාත්මක වේx ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කර ගැනීමෙන් හෝ තලවතුගොඩ හෝ වත්තල පිහිටි හේමාස් රෝහල් වෙත පැමිණිමෙන් රෝගීන්ට මෙම පහසුකම් අත්විදීමේ හැකියාව පවතී.

කාන්තා දින සැමරුම මුල්කරගත් මෙම සුවිශේෂි වැඩසටහන පිළිවෙල පිළිබ`ද අදහස් දක්වමින් තලවතුගොඩ හේමාස් රෝහලේ සාමාන්‍යාධිකාරිනී වෛද්‍ය චමිලා ආරියනන්ද සහ වත්තල හේමාස් රෝහලේ සාමාන්‍යාධිකාරිනී හා සෞඛ්‍ය සේවා ප‍්‍රධානී වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මියන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කළේ ‘‘ කාන්තාවට යහපත් රටක් යන තේමාව යටතේ මෙවර කාන්තා දිනය සමරණ ශී‍්‍ර ලාංකේය කාන්තාවන් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුමකර දීම අපගේ අරමුණයිx ඒ වෙනුවෙන් කාන්තාවන් ස`දහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් රැුසක් හේමාස් රෝහල් සමූහය විසින් මේ වන විටත් කි‍්‍රයාත්මක වෙමින් පවතී. එය වඩාත් සමීප කරවීම අරමුණුකර ගනිමින් කාන්තා දිනය වෙනුවෙන් සුවිශේෂි සහන රැුසක් මෙලෙස ලබා දීමට හේමාස් රෝහල් ජාලය සැලසුම් කර තිබේ’’ යනුවෙනි.

ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයට ලක් වූ ශී‍්‍ර ලංකාවේ පළමු රෝහල් ජාලය වන හේමාස් රෝහල් ජාලය නවීන තාක්ෂණයට අනුකූලව පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු සෞඛ්‍ය සේවා පහසුකම් රැුසක් හදුන්වා දෙමින් මෙරට ජනතාව වෙනුවෙන් වඩාත් සුවපහසු විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් හදුන්වාදීමට පියවර ගෙන ඇත.

හේමාස් රෝහල් ජාලය, හේමාස් සමූහ ව්‍යාපාරය යටතේ කි‍්‍රයාත්මක වන්නකි. හේමාස් සමූහ ව්‍යාපාරය මෙරට ජනතාවට පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සේවා, ප‍්‍රවාහනය හා සංචාරක යන ක්ෂේත‍්‍ර 04 යටතේ සේවාවන් සපයනු ලබයි.