ආචාර්යවරුන්ටත් වැඩ වරදී

0

යහපාලනය පිළිබද පුරසාරම් ජඩපාලකයන් ඔවුන් කරන කාර්යන් පිළිබදව ඒ තරමටම පැහැදීමක් නොමැත.ඇතැම් යහපාලකයෝ කටින් බතල හිටවතී.ඇතැමුන් කට නිසාම කෙළවා ගනී.මේ බයියලා සහ ටොයියලා නිසා දිනක කෙළවෙන්නේ මෛත්‍රිපාල සිරිසේනට බව සදහන් කල යුතුයි.

ඊයේ (12) ‘අයවැය හා දින සියය ජනතාවාදීද?‘ නම් විද්වත් කථිකාව මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.ඒ සදහා විද්වත් මඩුල්ල වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ජගත් විජේනායක, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ සහ ආචාර්ය මෙත්සිල පෙරේරා යන අය එක්වී සිටියා.නමුත් ගැටළුකාරී ප්‍රශ්න යොමුවන අවස්ථාවේ විද්වත් මඩුල්ලේ තිදෙනෙක් ඉවත්ව ගොස් සිටි අතර ආචාර්ය නිර්මාල් රංජිත් සහ ආචාර්ය ජගත් විජේනායක පමණක් එහි සිටිම සුවිශේෂි වුණා. විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න විමසීමට තිබූ අවස්ථාවේදී එක්සත් ජනතා පෙරමුණේ නායක ධර්මසිරි හපුආරච්චි සහ තවත් අයෙක් ප්‍රශ්න ඉදිරිපත් කර විද්වත් මණ්ඩලයට චෝදනා කිරීමත් සමගම එහි උණුසුම්කාරි තත්වයක් ඇති වුණා.

එහිදී අදහස් දක්වමින් ධර්මසිරි හපුආරච්චි සහ තවත් අයෙක් චෝදනා එල්ල කලේ හැමදාමත් ආණ්ඩුව යහපාලනය මුවාවෙන් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කරන බවයි.

පහත දැක්වෙන්නේ මාධ්‍ය ඉදිරිපිටම යහපාලකයන්ගේ නිරුවත හෙළිවූ ආකාරයයි.

“මොණවාද මේ කරන්නේ හැමදාම මාධ්‍ය සංදර්ශන කරනවා.ආචාර්‍ය ,මහාචාර්‍යවරු කියන දේවල් විතරද අපි අහන්න ඕන ?බිම් මට්ටමේ අය කියන ඒවාට ඇහුන් කන් දෙන්න ඕනේ නැද්ද ?

ඒවා මාධ්‍යට පෙන්නන්නේ නැද්ද ?බලු වැඩ කරන්න එපා.අපිට ටොයියන්ගෙයි ,බයියන්ගෙයි ඒවා එපා.ආණ්ඩුවෙන් මොකක් හරි මුල් ගලක් තියනවා නම් පත්තරේ පිටු ගාණක් යනවා.ලක්ෂ ගාණක් වියදම් කරලා.හැබැයි කරන්නේ මොනවාද කියලා අපි දන්නේ නෑ.

මෙයාලගෙන් ප්‍රශ්නයක් අහන්න බෑ.මොනවාද මේ කරන ෂෝ ?අද ජනතාවට කොකා පෙන්නනවා මේ ටොයියෝ ටික එකතු වෙලා.මේ දින 100ක අය වැයක් පෙන්නලා ෂෝ එකක් ඉදිරිපත් කරලා තියෙන්නේ.