13න පනිමුද?

0

දෙමළ ජනයා ඇතුළු සියලු ජාතීන් හට සමගියෙන් සමානාත්මතාවයෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පැවසුවා.ඒ අද (13) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ අවස්ථාවේදීය.

ඉන්දීය අගමැතිවරයා සහ දූත පිරිස පිළිගැනීම ඉතාමත් හරසරින් සිදුවූ අතර ශ්‍රී ලංකා නව රජය එහි සියලු වැසියන් එකමුතුකර සමගියෙන් නව ගමනක් ඇරැඹීම ගැන ඉන්දියාව බෙහෙවින් සතුටු වන බවද ඔහු ප්‍රකාශ කලා.

මේ අතර ඉන්දියාව සහ ශ්‍රි ලංකාව ද්වි පාර්ශ්වික ගිවිසුම් හතරක් අත්සන් කිරීමද සිදුවූවා.13 වැනි සංශෝධනය අනුව බලය බෙදා ඉන් ඔබ්බට යෑම තමන් අපේක්ෂා කරන බවද ඉන්දීය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කලා.

ඉන්දීය අගමැතිවරයාගේ ලංකා ගමනය යහ පාලකයන්ට නම් දේවදූත ගමනක් හා සමානයි.ඒ ගැන පුදුම වීමට හේතු නැත.මක් නිසාද යත් උතුරු ,නැගෙනහිර ජනතාවගේ වැඩි ඡන්දයකින් මෙරට ජනාධිපති බවට පත්වූ මෛත්‍රිපාල සිරිසේන එය සිදු කිරීම සදහා බොක්කෙන්ම කටයුතු කල ඉන්දියාවට ණය ගෙවමින් සිටීමයි.