වැඩිම පැමිණිලි ගෝඨාටයි ,බන්දුලටයි

0

පසුගිය රාජපක්ෂ කාලය තුළදී සිදුවූ බව කියන අසාධාරණයට හා පළිගැනීමට ලක් වූවන් සෙවීමේ කමිටුවට මේ වන විට වැඩිපුරම පැමිණිලි ලැබී අත්තේ ආරක්ෂක අමාත්‍යංෂය සම්බන්ධයෙන් වන පැමිණිළි බවත් දෙවනුවට අධ්‍යාපන අමාත්‍යංෂය සම්බන්ධයෙන් වූ පැමිණිළි බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාර සභික පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු අද (13) අධ්‍යාපන ලේකම් වරයා හමුවී හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු වූ පළමු වසරට ළමුන් අතුළත් කිරීමේ සිට විදුහල්පතිවරු පත් කිරීම දක්වා වූ වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි අධ්‍යාපන ලේකම්වරයාට ලබා දුන්නා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් ලේකම් වරයා විසින් සිදු කරාවි යැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පත්කළ අසාධාරණයට ලක්වූවන් පිළිබඳ තොරතුරු සෙවීමේ කමිටුවට ලද මහජන පැමිණිලිවලින් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට අදාල පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාරදීම අද (13) පෙ.ව. 10.00ට අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදුවිය. ඒ අතර පාසල්වලට සිසුන් බඳවාගැනීම, පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීම සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ගැටලු ගණනාවකට සම්බන්ධ පැමිණිලි ඇතුළත් විය.

එම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහභාගිවී සිටියා.

001_9323