යහපාලනය ගැන රාජිත කලකිරේ

0

මෛත්‍රිපාලට බොක්ක වුණත් ලබා දීමට සුදානමින් සිටී බොහෝ දෙනෙකු දැන් දැන් මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් කලකිරීමකට ලක්වී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.එයට හේතු කාරණා බොහෝමයක් පවතී.මෛත්‍රිපාල සිරිසේනට කොන්ද කෙළින් තියාගෙන තීරණ ගැනීමට හැකියාවක් නොමැති කම එයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මෙරට ජනාධිපති බවට පත් කිරීම සදහා ඇප කැප වී කටයුතු කල බොහෝ දෙනෙකු අද සොයා ගැනීම සදහා දැල් එලන්නට සිදුව තිබේ.මක් නිසාද යත් මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ පාලනය යටතට දින 100 නමින් ෂෝ එකක් දමා ජනතාව පඩ ෂෝ දැමීමට ගොස් ඒ වටේ සිටපු අයට රෙදි ඇදගෙන එළියට බැසීමට හැකියාවක් නොලැබීම හේතුවෙන්.

මෛත්‍රිපාල සමග ප්‍රථමයෙන් දීග කෑවේ රාජිත සේනාරත්නයි.නමුත් ඒ දීගය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න කලකිරීමකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ,තමන්ද මහබැංකුවේ අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කලකිරීමකට ලක්ව ඇති බවයි.ඒ සදහා සම්පූර්ණයෙන් අගමැතිවරයා වගකිව යුතු බවද ඔහු ප්‍රකාශ කලා.