නව රජය ගැන ජනතාවට තවමත් විශ්වාසයක් නෑ

0

ශ්‍රී ලංකාවේ නව රජය පිළිබඳව ජනතාවට තවමත් විශ්වාසයක් ඇතිවී නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරි ජෙෆ්රි ෆෙල්ට්මන් පවසයි. ශ්‍රී ලංකාවේ නිල සංචාරයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ උතුරු ප්‍රදේශයේ ජනතාව අතර බියකරු තත්වයක් පවතින බව තම්න් දුටු බවයි.

“ශ්‍රී ලංකා රජය සහ නිලධාරීන් සමග පැවැති සාකච්ඡා, පසුගිය කාලයේ පැවැති සාකච්ඡා වලට වඩා වෙනසක් දැකගැනීමට හැකිවිය. ඒ හේතුවෙන් විශාල බලාපොරොත්තුවක් ඇතිවී ඇත. අභ්‍යන්තර පරීක්‍ෂණය ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව සිදුකිරීමට ඓතිහාසික වැදගත්කමකින් යුතු අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.”

“නව රජය පිළිබඳව ජනතාව මධ්‍යයයේ තවමත් සැකයක් මතුව ඇති බව දැකගැනීමට ඇත. එම තත්වය විශාල වශයෙන් උතුරු ප්‍රදේශයේ තිබෙන බව මා දුටුවෙමි. රජය උතුරේ ජනතාවට ලබාදුන් බොහෝ පොරොන්දු ඉටුකළ යුතුව ඇත. නමුත්, නව රජය ඒවා සාධාරණව සහ අවංකව ඉටුකරනු ඇතැයි යන විශ්වාසයෙන් මා ශ්‍රී ලංකාවෙන් පිටත් වුනෙමි.”