ලංකාව මගේ කියලා මට දැනෙනවා!

0

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී හඩ හොදින් කැපී පෙනෙන රටක් බවත් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඉන්දියාවට ශක්තියක් බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.අද (13) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ,

මම ඉතාම සතුටු වෙනවා , ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස ශ්‍රී ලංකාවට පැමිණීම ගැන. මේ පාර්ලිමේන්තුව මට ආරාධනා කිරීම මට ලැබුණු ගෞරවයක්. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී හඩ හොදින් කැපී පෙනෙන රටක්. අපි දෙරට අතර තිබෙන උරුමය තුළිනුයි මා මෙසේ අමතන්නේ. අප දෙරටේ අන්තර් සබැදියාවන් ඉතිහාසයේ උරුමකම් තියෙනවා.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහයෝගිතාව වර්ධනය කරන නියමුවෙක්. ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඉන්දියාවට ශක්තියක්. අපේ රටේ ජනතාව සම්පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දෙනවා.

අපි හැමවිටම අපේ රටේ ජනතාවගේ සහයෝගය ශ්‍රි ලංකාව සමග තියෙනවා. අපි කොහොමද එකිනෙකා ජාතියක් හැටියට නිර්වචනය කර ගන්නේ.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවට පැමිණියා. එතුමාගේ පළමු අමුත්තා මා වීම සතුටට කරුණක්.

දෙරට අතර සංස්කෘතික,ආර්ථික සබඳතාවන් තරකරගත යුතුයි.අප දෙරට අතර ආරක්ෂාව සෑම විටම අවශ්‍යයි.අප කුඩා මුහුදු තීරයකින් පමණයි වෙන්ව සිටින්නේ.ත්‍රස්තවාදය ගෝලීයකරණය වී තිබෙනවා.ඉන්දීය කලාපය හැටියට දෙරටේ ආරක්ෂාව තරකරගැනීම ඉතාම අවශ්‍යයි.එය අප ඒකාබද්ධවීමෙන් ජයගන්නට පුළුවන්.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යරයා අද මරදාන, මාළිකන්ද මහාබෝධි විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් සිදු කලා.

එහිදී අගමැතිවරයා කියා සිටියේ යුද්ධය හා වෛරය අවසන් කළ හැක්කේ බුදු දහමින් බවත් බුදු දහම අප සියලු දෙනා එකතු කරන බවයි.

තමන් උපන් ගමේ බුදු දහම අතීතයේ ප්‍රචලිතව පැවති අතර තමා ප්‍රධාන අමාත්‍ය ධූරය පත් වූ කාලයේ එම ප්‍රදේශයේ සිදු කළ කැනීම්වලින් බෞද්ධ වෙහෙර විහාර, ධාතූන් වහන්සේලා වැඩසිටින රන් කරඩු ආදිය හමු වූ බවත් ඉදිරියේදී එම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බවද නරේන්ද්‍ර මෝදී අවධාරණය කලා.