රාජිත ඉවත් කරනු! හරින් සටන අරඹයි

0

එක්සත් ජාතික පක්‍ෂයට අනුකූළ නොවන ආකාරයෙන් හා අසත්‍ය ලෙස අදහස් පළ කරමින් සිටින වත්මන් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නව එම ධූරයෙන් ඉවත් කර කැබිනට් ප‍්‍රකාශකවරයා ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලකව පත් කරන්නැයි පසුගියදා පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු විසින් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය බදාදා එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම අතරතුර අපි එක්‌සත් ජාතික පක්‍ෂය තමයි මේ රටේ ජනාධිපතිවරණයට වැඩ කරලා ජනාධිපති මෛත්‍රීව දිනෙව්වේ. වේදිකා ගැහුවේ, සැරසුවේ, වේදිකාවේ කතා කළේ, මහන්සි වුණේ රැස්‌වීම් තිබ්බේ. ඒ වුණාට දැන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අය ඇවිල්ලා මෛත්‍රීපාල ජනාධිපතිතුමාව අල්ලගෙන එක එක කතා කියනවා. මේ අයුරින් හරීන් ප්‍රනාන්දු ලොකු නෝක්‌කාඩුවක්‌ ඉදිරිපත් කරමින් රාජිත ගැන කියා සිටියා.

 එම කතාවට එකතුවු නවීන්

අපේ ඉදිරි ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් සමඟ සාකච්ඡා කරල ඉක්‌මන් මැතිවරණයකට යමු. ඒ වගේම අපේ කැබිනට්‌ ප්‍රකාශක විදියට ඉන්නේ ශ්‍රීලනිපයේ කෙනෙක්‌. දොස්‌තර රාජිත අපේ පක්‍ෂයෙනුත් කැබිනට්‌ ප්‍රකාශක කෙනෙක්‌ පත්කළොත් නරකද? අපි ඒකට ගයන්ත ඇමැතිතුමාව පත්කරගමු. නවීන් දිසානායක කීවේය.